බල්ලෙක් නිසා වෙච්ච හදියක් - බිහිසුණු අනතුරු 3ක් දෙදෙනෙක් මිය ගිහින් මාස අටේ කිරිකැටියට තුවාල

Report

මහාමාර්ගයේ අතිශය දරුණු අනතුරක් CCTV කැමරාවක සටහන් වී ඇත.

අනතුර අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව මොරගොඩ හන්දියේ සිදුවූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

යතුරුපැදිකරුවෙකකු තම බිරිද හා මාස අටක බිලිදා සමග මාර්ගයේ ගමන් කරන විට යතුරුපැදිය ඉස්සර කර යෑමට තැත්කළ භාණ්ඩ රැගත් ලොරියක් යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් මාස 8ක බිලිදා සුළු තුවාල සමග බේරී ඇති නමුත් කෝපයට පත් යතුරුපැදිකරු ලොරි රථ රියදුරුට පහර දෙන ආකාරය CCTV කැමරාවේ සටහන් වී ඇත.

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

අදාළ අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තලාව පොලීසිය විසින් සිදුකරන බවත් වාර්තා වේ.

මෙම සිදුවීමට අමතරව නොච්චියාගම නගරයේද තවත් අනතුරක් වාර්තා වේ.

ඒ සුඛෝපභෝගී බස් රථයක් පාපැදියක ගැටී බේරගමගේ ප්‍රේමතිලක නැමති 71 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වීමයි.

ට්‍රම්ප් රත්රන් වල තීරු බදු අයින් කරලා මෙන්න රත්තරන් හොදටම ගණන් බැහැලා

ට්‍රම්ප් රත්රන් වල තීරු බදු අයින් කරලා මෙන්න රත්තරන් හොදටම ගණන් බැහැලා

අනතුරින් මියගිය පුද්ගලයා ධීවරයෙකු බවත් වාර්තා වේ.

තවත් අනතුරක් බදුල්ල මහියංගනය මාර්ගයේ බලගොල්ල ප්‍රදේශයේදී වාර්තා වේ.

ඒ කන්දකැටිය පොලිස් වසමේ මීගහකිවුල දෙසට ගමන් කල යතුරුපැදියක සුනඛයකු ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ ලෙස තුවාල ලැබූ යතුරුපැදිකරුව ප්‍රදේශවාසීන් විසින් මීගහකිවුල රෝහලට ඇතුල් කලද ඔහු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

මෙලෙස යතුරුපැදි අනතුරින් මියගිය පුද්ගලයා මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.