ප්‍රදේශ කිහිපයක රිය අනතුරු හතරකින් තරුණයෙකු ඇතුළු සිව්දෙනෙක් මරුට

Report

ඊයේ (06) දිනයේ මරදන්කඩවල, වෙල්ලාවලි, කඩවත සහ පුදුකුඩිඉරිප්පු යන පොලිස් වසම්වල සිදුවූ රිය අනතුරු හතරකින් තරුණයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මරදන්කඩවල අනතුර

මරදන්කඩවල පොලිස් වසමේ ඒ 11 මාර්ගයේ තවලන්හල්මිල්ලෑව හන්දියේදී මෝටර් රථයක් පා පැදියක පසුපස ගැටීමෙන් අනතුරක් සිදුවිය. මෙම අනතුරින් පාපැදිකරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමේදී පාපැදිකරු මියගොස් ඇත. මියගිය පුද්ගලයා මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකි.

අද මේ ලග්න වලටනම් වාසනාව උතුරන සමාජයේ සැලකිළි වැඩිවන දවසක් - අද දවසේ ලග්න පලාපල

අද මේ ලග්න වලටනම් වාසනාව උතුරන සමාජයේ සැලකිළි වැඩිවන දවසක් - අද දවසේ ලග්න පලාපල

වෙල්ලාවලි අනතුර

වෙල්ලාවලි - චවලකඩේ මාර්ගයේ චවලකඩේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ අයිනේ ගමන් කළ පදිකයන් දෙදෙනෙකුට ගැටීමෙන් අනතුරක් සිදුවිය. එහිදී පදිකයන් දෙදෙනා සහ යතුරුපැදිකරු තුවාල ලබා කල්මුණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පදිකයෙකු මියගොස් ඇත. මියගිය පුද්ගලයා පාන්ඩිරුප්පු ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි.

කඩවත අනතුර

දළුපිටිය - රාගම මාර්ගයේ රාගම දෙසට ධාවනය වූ මෝටර් රථයක රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ අයිනේ ගමන් කළ පදිකයකුට ගැටීමෙන් අනතුරක් සිදුවිය. එම අනතුරින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ පදිකයා මියගොස් ඇත. මියගිය පුද්ගලයා රම්බොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.

රාජ්‍ය සේවයට එන්න ඉන්න හැමෝටම මෙන්න සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට එන්න ඉන්න හැමෝටම මෙන්න සුබ ආරංචියක්

පුදුකුඩිඉරිප්පු අනතුර

මුලතිව් පරන්තන් - මාර්ගයේ උඩයාර්කට්ටුව ප්‍රදේශයේදී යතුරුපැදියක් අතුරු මාර්ගයකට හැරවීමේදී පසුපසින් පැමිණි තවත් යතුරුපැදියක ගැටී, පසුව ඉදිරියෙන් පැමිණි කැබ් රථයකටද ගැටීමෙන් අනතුරක් සිදුවිය. මෙම අනතුරින් යතුරුපැදි දෙකෙහිම පැදිකරුවන් තුවාල ලබා ධර්මපුරම් රෝහලට ඇතුළත් කිරීමේදී අතුරු මාර්ගයට හැරවූ යතුරුපැදියේ පැදිකරු මියගොස් ඇත. එලෙස මියගිය තරුණයා මලියතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.

ගුරුවරුන්ට පඩියට අමතරව දීමනාව 15000ක වැඩි කිරීමක්? - ලංකා ගුරු සංගමය

ගුරුවරුන්ට පඩියට අමතරව දීමනාව 15000ක වැඩි කිරීමක්? - ලංකා ගුරු සංගමය

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන