ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි

Report

බිනර පුරපසළොස්වක පොහොය ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ ප්‍රධාන පොහොය දිනයකි.

මෙම පොහොය දිනයේදී බුදුන් වහන්සේ විසින් කාන්තාවන්ට පැවිද්ද ලබාදීම ආරම්භ කරන ලදී. මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු භික්ෂුණී සසුනට එක්වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එමෙන්ම, ආනන්ද හිමියන් විසින් බුදුන් වහන්සේගෙන් විමසා ලබාගත් අෂ්ට ගරු ධර්ම මහා ප්‍රජාපති ගෝතමී දේවියට පහදා දී ඇති අතර, ඇය එම ගරු ධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දුන්නේද මෙම පොහොය දිනයේදීය.

අද මේ ලග්න වලටනම් වාසනාව උතුරන සමාජයේ සැලකිළි වැඩිවන දවසක් - අද දවසේ ලග්න පලාපල

අද මේ ලග්න වලටනම් වාසනාව උතුරන සමාජයේ සැලකිළි වැඩිවන දවසක් - අද දවසේ ලග්න පලාපල

බිනර පොහොය දිනයේදී තපස්සු සහ භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරමින් ගිරිහඬු සෑය ඉදිකරන ලදී. එසේම, බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවාවිල මහා සෑය ඉදිකිරීමද මෙම දිනයේ සිදුවූ බව වාර්තා වේ.

භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වූයේද මෙවැනි බිනර පොහොය දිනයකදීය. එසේම, වස් සමයේ අතරමැදි පොහොය ලෙසද බිනර පොහොය හඳුන්වනු ලැබේ.

පාසල් දිනවල ඛනිජ ප්‍රවාහනය තාවකාලිකව අත්හිටුවයි

පාසල් දිනවල ඛනිජ ප්‍රවාහනය තාවකාලිකව අත්හිටුවයි

මෙම බිනර පුරපසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත.

බිනර පොහොය බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් සමරන දිනයක් ලෙස බැතිමතුන් අතර ඉමහත් ගෞරවයට පාත්‍ර වේ.

නාමල් - පද්මේ පැටලිල්ලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කියන කතා

නාමල් - පද්මේ පැටලිල්ලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කියන කතා

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න

මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කරන ආහාරවල් මෙන්න