විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, 2025 ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ මුදල් ප්‍රමාණය අඩුවී ඇත.
ජූලි මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 697.3 (රුපියල් බිලියන 210.0) ලැබී තිබුණු අතර, අගෝස්තු මාසයේදී එය එක්සත් ජනපද ඩොලර් මිලියන 680.8 (රුපියල් බිලියන 205.2) දක්වා අඩුවී ඇත.
2025 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ප්‍රේෂණ ලෙස එක්සත් ජනපද ඩොලර් බිලියන 5,116.0 (රුපියල් බිලියන 1,528.4) ලැබී ඇත.
එමෙන්ම, ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක්ද වාර්තා වී ඇත. ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයන් 200,244 ක් පැමිණ තිබුණු අතර, අගෝස්තු මාසයේදී එය 198,235 දක්වා අඩුවී ඇත.
කෙසේ වුවද, 2025 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයන් 1,566,523 ක් පැමිණ ඇති අතර, 2024 වසරේ සමාන කාලපරිච්ඡේදයේදී පැමිණ තිබුණේ සංචාරකයන් 1,362,668 කි.