අකුරැස්ස - දෙනියාය මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ
කොස්මෝදර, ගැටබරු මහා විහාරයේ ඇසළ පෙරහැර හේතුවෙන් අකුරැස්ස - දෙනියාය ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය ඊයේ (06) සහ අද 07 යන දිනවල සීමා කරන බව පොලිසිය පවසයි.
එම දිනවල රාත්‍රී 8:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා මෙම මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර ඇත. මෙම කාලය තුළ ඇසළ පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතය.
විකල්ප මාර්ග
- අකුරැස්ස සිට දෙනියාය දෙසට: ගල්දොල හන්දියෙන් හැරවී බෙන්ගමුව මාර්ගය හරහා කොස්මෝදර දෙසට ගමන් කළ හැක.
- දෙනියාය සිට අකුරැස්ස දෙසට: දියදාව ටී. ආර්. අයි. හන්දියෙන් හැරවී කොරව මාර්ගය හරහා කොස්මෝදර මාර්ගයට පැමිණිය හැක.
පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කාලය තුළ එම මාර්ගයේ ගමනාගමනයෙන් වැළකී විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.