කෝටි තුනක මැණික් ඉස්සූ සැකකරු බේරුවලදී කොටුවෙයි

Report

බේරුවල, හෙට්ටිමුල්ල මල්ලබොක්ක පාරේ පිහිටි නිවසක සිටි විදෙස් ජාතික චීන කාන්තාවකට සහ ඇගේ හවුල්කරුවාට අයත් රුපියල් කෝටි තුනක වටිනා මැණික් තොගයක් ඊයේ (06) රාත්‍රියේ සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බේරුවල පොලිසිය සඳහන් කරයි.

බේරුවල චීන කොටුව මැණික් වෙන්දේසි පොළේ මැණික් ගනුදෙනු කරන චීන ජාතික කාන්තාව සහ ඇගේ හවුල්කරුවා දිනපතා ඔවුන්ගේ නිවසෙන් එම පොළ වෙත යාම පුරුද්දක් ලෙස සිදුකර ඇත. එවැනි අවස්ථාවකදී නිවසේ ප්‍රධාන දොර ඇරයිවීමෙන් ඇතුළුවී රුපියල් කෝටි තුනක මැණික් තොගයක් සොරකම් කර ඇති බව චීන කාන්තාව පසුගිය දිනවල බේරුවල පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

හෙට සිට රථ වාහන නීති රීති දැඩිව ක්‍රියාත්මකයි - ඇමති කියන කතා

හෙට සිට රථ වාහන නීති රීති දැඩිව ක්‍රියාත්මකයි - ඇමති කියන කතා

බේරුවල පොලිස් ස්ථානාධිපති එම්.ආර්. නවරත්න මහතා පවසන්නේ, වහාම ක්‍රියාත්මක වී ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමෙන් සිද්ධියට සම්බන්ධ සැකකරුවා අත්අඩංගුවට ගෙන, එම මැණික් තොගයද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

පොලිසිය සඳහන් කරන්නේ, සැකකරු එම මැණික් තොගය බේරුවල මහගොඩ ප්‍රදේශයේ දෙවන පාර්ශ්වයකට ලබාදී අලෙවි කර, පසුව මුදල් ලබාගැනීමේ පොරොන්දුව මත එතෙක් සුළු අත්තිකාරම් මුදලක් ලබාගෙන සිටි බවයි. ප්‍රශ්න කිරීම් හමුවේ සොරකමට අදාළව වරද පිළිගෙන ඇති සැකකරු තදින් හෙරොයින් පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙකි. අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කිරීමේදී ඔහු සතුව සිටි හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

රාජ්‍ය සේවයට එන්න ඉන්න හැමෝටම මෙන්න සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට එන්න ඉන්න හැමෝටම මෙන්න සුබ ආරංචියක්

මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා නියමිත බව පොලිසිය සඳහන් කරයි. මෙම විමර්ශනය කළුතර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පත්මිණි රණවීර, කොට්ථාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර, පොලිස් අධිකාරි රමිඳු සිල්වා, සහකාර පොලිස් අධිකාරි සුනෙත් ශාන්ත යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් පරිදි සිදුව ඇති අතර, බේරුවල පොලිස් ස්ථානාධිපති එම්.ආර්. නවරත්න, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මදුශංක, පොලිස් සැරයන් සිල්වා (53241), පොලිස් කොස්තාපල් කුමාර (84179) ඇතුළු පිරිස මෙහෙයුමේ යෙදී ඇත. මේ වන විට සැකකරු සම්බන්ධ අධිකරණ කටයුතු පොලිස් පරීක්ෂක චන්දන තෙන්නකෝන් විසින් මෙහෙයවනු ලැබේ.

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

රාජ්‍ය ආයතන 33 ක් වසා දැමීමට අනුමැතිය

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ විශේෂ වෙනසක්

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ විශේෂ වෙනසක්

අද මේ ලග්න වලටනම් වාසනාව උතුරන සමාජයේ සැලකිළි වැඩිවන දවසක් - අද දවසේ ලග්න පලාපල

අද මේ ලග්න වලටනම් වාසනාව උතුරන සමාජයේ සැලකිළි වැඩිවන දවසක් - අද දවසේ ලග්න පලාපල