මහ ගං වතුරකට බය වුණ හැමෝටම වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

Report

ගත වූ පැය 24 තුළ වර්ෂාපතනය අඩුවීම නිසා ඉහළ ගොස් තිබූ ගංගා ද්‍රොණිවල ජල මට්ටම්වල අඩුවීමක් පෙන්නුම් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, මේ තත්ත්වය තුළ නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය වැනි ගංගා ද්‍රොණිවල පිහිටි ජල මට්ටම්වල අඩුවීමක් පෙන්නුම් කරන බවයි.

එහිදී විශේෂයෙන්ම කළු ගඟ මිල්ලකන්ද හැර අනෙකුත් ස්ථානවල ජල මට්ටම් අඩුවෙමින් පවතින බව පැවසූ ඔහු වර්ෂාපතනයේ අඩුවීම සමඟ මෙම තත්ත්වය පැවතිය ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන සමඟ තවදුරටත් වර්ෂාපතනය ඉදිරි දිනවල ලැබිය හැකි බැවින් මෙය තාවකාලික අඩුවීමක් විය හැකි බවද පෙන්වා දී ඇත.

ඊසානෙන් පවතින අඩු පීඩන කලාපය නිසා අද 1 න් පසු වෙන්නේ මේකයි - ‍ලංකාවටම දැනුවත් කිරීමක්

ඊසානෙන් පවතින අඩු පීඩන කලාපය නිසා අද 1 න් පසු වෙන්නේ මේකයි - ‍ලංකාවටම දැනුවත් කිරීමක්

එසේම මේ වනවිට ප්‍රධාන ජලාශ 73න් 18ක් වාන් දමමින් පවතින අතර, මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 18ක් ද වාන් දමමින් පවතින බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

එසේ වුවද මෙම ජලය මුදාහැරීම කිසිවිටෙකත් මහා ගංවතුරක් දක්වා වැඩිවීමක් පෙන්නුම් නොකරන අතර, පවතින තත්ත්වය පිළිබඳ ඉදිරියේ දී දැනුම්දෙන බවත් ඒ අනුව අවධානයෙන් සිට කටයුතු කරන ලෙසත් සූරියබණ්ඩාර මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

එමෙන්ම දැදුරුඔය ජලාශයේ විවෘත කර තිබූ සියලු වාන් දොරටු අද (14) දින උදෑසන 7.00ට වසා දැමූ බව වාරියපොළ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසා ඇත.

කොළඹට යන එන අයට පොලීසියෙන් නිවේදනයක් - වසා දැමූ මේ අන්තර් හුවමාරුව යළි විවෘතයි

කොළඹට යන එන අයට පොලීසියෙන් නිවේදනයක් - වසා දැමූ මේ අන්තර් හුවමාරුව යළි විවෘතයි

ලංකාවේ මිනිස්සුන්ගේ ඇස් උඩ යයි - ලොකු ළූණු මිල ගිණි ගණන් නගී

ලංකාවේ මිනිස්සුන්ගේ ඇස් උඩ යයි - ලොකු ළූණු මිල ගිණි ගණන් නගී