සුපිරි ක්‍රීඩක රිකී පොන්ටින් හදිසියේම රෝහල් ගත කෙරේ..!

Cricket Australia Cricket Team
By Sewvandhi Dec 02, 2022 10:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වෙන ටෙස්ට් තරගය අතරතුර හිටපු ක්‍රිකට් ක්‍රීඩක රිකී පොන්ටින් රෝහල් ගතකර තිබෙනවා.

රිකී පොන්ටිං මේ තරගයේ රූපවාහිනි විස්තර විචාර කටයුතුවල යෙදුණු අතර ඔස්ට්‍රෙලියාවේ ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරන්නේ තරගයේ තුන්වන දිනයෙහි දිවා ආහාර විවේකය අවස්ථාවේ දී මෙම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ව පර්ත් රෝහල වෙත රැගෙන ගිය බවයි.

කෙසේ වෙතත් ඩේලි ටෙලිග්‍රාෆ් වාර්තා කරන්නේ පර්ත් රෝහලට රැගෙන ගිය පොන්ටින් තමාට අසනීප ගතියක් නො දැනෙන නමුත් පරීක්ෂා කිරීම සඳහා රෝහලට ගිය බව සගයන්ට පවසා ඇති බවයි.

මේ අතර චැනල් 7 ප්‍රකාශකයෙකු පොන්ටිං ගේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “රිකී පොන්ටින් අසනීපයෙන් පසුවන අතර අද දිනයේ ඉතිරි ආවරණය සඳහා විස්තර කථනයක් සිදු නොකරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now