අද උදෑසන 9 සිට ඔක්තෝබර් 08 වන දින දක්වා මේ අයට ජල සැපයුම අත්හිටුවන බවට විශේෂ නිවේදනයක් - වතුර කපන ප්‍රදේශ මෙන්න
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී ඇත්තේ කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය වෙනුවෙන් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බවයි.
ඒ කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බව සඳහන්.
එබැවින් අද (06) පෙරවරු 09.00 සිට ඔක්තෝබර් 08 වන දින පෙරවරු 09.00 දක්වා කාලය තුළ මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වන බව සඳහන්.
එමෙන්ම මේ හේතුවෙන් උඩුවාවල, රජපිහිල්ල සහ ගෝනිගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවන බව සඳහන්.
මේ අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජල සැපයුම විසන්ධි කිරීම නිසා පාරිභෝගික ජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතාව පිළිබඳව සිය කණගාටුව පළ කර සිටින බව පවසයි.
මෙම කාල සීමාව සඳහා අවශ්‍ය ජලය කලින්ම රැස්කරගෙන, ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද මණ්ඩලය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.