පොලිස් බොඩි කැමරා ටෙන්ඩරයෙත් බරපතළ අක්‍රමිකතාවක් - ලේඛන හදලා තියෙන්නෙත් ChatGpt භාවිත කරලා - ඉරි කෑලිවත් මකා නැති බවට වසන්ත දෙහි කපයි [VIDEO]

Report

ජන අරගල ව්‍යාපාරය, පොලිස් නිලධාරීන් සඳහා ශරීර කැමරා 500ක් මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියේ බරපතළ අක්‍රමිකතා සිදුව ඇති බවට සැකකරන බව සඳහන් කරයි.

මේ බව එම ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ සඳහන් කළේ අදාළ ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඊයේ (27) දින නුගේගොඩදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එසේම ඔහු චෝදනා කළේ අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් සිදුකර නොමැති බවත්, එහි තාක්ෂණික පිරිවිතර සකස් කිරීමේදී කෘත්‍රිම බුද්ධිය භාවිත කර ඇති බවට පෙනී යන බවත්ය.

තවද ChatGpt භාවිතයෙන් ලේඛන සකස් කිරීමේදී ඇතිවන ඉරි පවා ඉවත් නොකර එම ලේඛනවල එලෙසම පවතින බවටද වසන්ත මුදලිගේ චෝදනා කරයි.

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ

උදෑසන 05.30 ට නිකුත්කළ නිවේදනයක් - අද පස්වරු 2න් පසු රටේ වෙන්න යන දේ

කැමරා මිලදී ගැනීමට සකස් කර ඇති ටෙන්ඩර් ලේඛනයේ තාක්ෂණික පිරිවිතර සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව සඳහන් කළ ඔහු ප්‍රකාශ කළේ ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වී ඇති සමාගම්වල ලංසු මිල ගණන් අතර විශාල පරතරයක් පවතින බවත් එම මිල ගණන් රුපියල් කෝටි 5 සිට කෝටි 36 දක්වා පරාසයක පවතින බවත් ය.

එමෙන්ම රජයට අයත් සමාගමක් රුපියල් කෝටි 17ක පමණ ලංසුවක් ඉදිරිපත් කර තිබෙන අතර, එම සමාගමට අයත් අනුබද්ධ තවත් සමාගමක් රුපියල් කෝටි 6ක පමණ ලංසුවක් ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළා.

හෙට සිට කොළඹ වාහන අඩු වෙයි - මේ පොදු ප්‍රවාහන සේවාව ගැන දැනුම්දීමක්

හෙට සිට කොළඹ වාහන අඩු වෙයි - මේ පොදු ප්‍රවාහන සේවාව ගැන දැනුම්දීමක්

එසේම කැමරා 500ක් මිලදී ගැනීම ප්‍රමාණවත්ද යන්න පිළිබඳවද ප්‍රශ්න කළ වසන්ත මුදලිගේ, මෙය නියමු ව්‍යාපෘතියක් වශයෙන් ආරම්භ කර අනතුරුව විශාල ව්‍යාපෘතියක් බවට පත් කිරීමේ සැලසුමක්ද යන්න සම්බන්ධයෙන්ද සැකයක් පවතින බව ප්‍රකාශ කළා.

ඒ අනුව ජන අරගල ව්‍යාපාරය අවධාරණය කළේ අඳාළ ටෙන්ඩර් ක්‍රියාවලිය වෙනුවට විධිමත් තාක්ෂණික සමාලෝචනයක් සහ උපදේශනයක් ලබාගෙන නව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බවයි. 

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,