ලංවීම හිටපු සභාපති ඇතුළු පිරිසගෙන් ජනාධිපති කොමිසම ප්‍රකාශ සටහන් කර ගනී
විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන මහාචාර්ය අනුර විජේපාල මහතා සහ ගල් අගුරැ සමාගමේ හිටපු ගණකාධිකාරීවරයෙකුගෙන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව අද (05) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
විජේපාල මහතා ලංවීම සභාපතිවරයා ලෙස 2015 ජනවාරි සිට 2017 අප්‍රේල් දක්වා කටයුතු කළේය.
මේ අතර ගල්අඟුරු අක්‍රමිකතා සම්බන්ධයෙන් කරැණු විමසීමට ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විශේෂ කොමිෂන් සභාවට 07 බදාදා කැඳවා ඇත.
සුලක්ෂණ ජයවර්ධන මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස 2024 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කටයුතු කළේය. තවත් නිලධාරීන් දෙදෙනකු කොමිසමට හෙට(06) දිනයේ කැඳවීමට නියමිතය.
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන අවසන් අදියරට පැමිණ ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය. විමර්ශනවල අවසන් වාර්තාව මේ මස අග හෝ ලබන මස මුල ජනපතිවරයාට බාරදීමට නියමිතය.