පරිස්සමෙන් - හෙට දිනයේ සිරුරට දැනෙන උෂ්ණත්වය ඉහළ යන දිස්ත්‍රික්ක මෙන්න

Report

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයට හෙට (06) දිනයේදී උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව, දිස්ත්‍රික්ක 13ක් සඳහා ‘අවධානය යොමු කළ යුතු මට්ටමේ’ (Caution Level) තාප අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

දිවා කාලයේදී අදාළ පළාත් සහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය හෙවත් තාප දර්ශකය (Heat Index) අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අධික උණුසුම හේතුවෙන් ඇති විය හැකි අපහසුතා වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

පළාත් රැසකට මිලිමීටර් 75 ඉක්මවන තද වැසි - ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් හදිසි අනාවැකියක්

පළාත් රැසකට මිලිමීටර් 75 ඉක්මවන තද වැසි - ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් හදිසි අනාවැකියක්

GalleryGallery