පේරාදෙණිය සහ ගෙලිඔය අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි
By Mithu
පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර පිහිටි අඟුණාවල ප්‍රදේශයේදී අද (05) පස්වරු 6.20ට පමණ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
තද වර්ෂාවත් සමඟ සිදුව ඇති මෙම නායයාම් තත්ත්වය හේතුවෙන් අදාළ දුම්රිය මාර්ග කොටසේ ගමනාගමනය තාවකාලිකව පවතින බව වාර්තා වේ.
මාර්ගයට පතිත වූ පස් සහ පස් කන්දේ කොටස් කඩිනමින් ඉවත් කර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා තහවුරු කළේය.