රනිල් වික්‍රමසිංහගේ නඩුව අස්සේ උසාවිය ළඟ වුණු කලබලය - ජනාධිපති ආරක්ෂකයාගේ හිසට කැමරාකරුවෙකුගෙන් පහරදීමක්

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමෙන් පසු අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙමින් සිටි හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු විසින් පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වී තිබේ .

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන ගේට්ටුව ආසන්නයේදී මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තා වේ සිද්ධියෙන් අනතුරුව අදාළ ආරක්ෂක නිලධාරියා පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඉන්පසුව පසුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත වී ඇති බව සදහන්ය .

තවද සිද්ධිය එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගේ කැමරා මගින් පටිගත වී ඇති බවද සඳහන් වේ.

එම දර්ශනවල අදාළ කැමරා ශිල්පියා ආරක්ෂක නිලධාරියාගේ හිස ප්‍රදේශයට පහර දෙන ආකාරය දැක්වෙන බව වාර්තා වේ.

ඉන්ධන හිඟයක් එයිද? ඇමෙරිකාවේ අලුත් තීරණයත් එක්ක ඛනිජ තෙල් සභාපති ජනතාවට දුන් වැදගත්ම පණිවුඩය

ඉන්ධන හිඟයක් එයිද? ඇමෙරිකාවේ අලුත් තීරණයත් එක්ක ඛනිජ තෙල් සභාපති ජනතාවට දුන් වැදගත්ම පණිවුඩය

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, පහරදීමට හේතුව සහ සිද්ධියට අදාළ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තොරතුරු අනාවරණය වී නොමැත.

 සිද්ධිය හිටපු ජනාධිපතිවරයාට එරෙහිව කිසියම් පූර්ව සැලසුමක කොටසක්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු කළ තොරතුරු නොමැත.

මේ සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු වෙමින් පවතී   

රුපියල නැවතත් ශක්තිමත් වෙයි -ප්‍රමුඛ වාණිජ බැංකුවල ඩොලරයේ නවතම මිල ගණන් මෙන්න

රුපියල නැවතත් ශක්තිමත් වෙයි -ප්‍රමුඛ වාණිජ බැංකුවල ඩොලරයේ නවතම මිල ගණන් මෙන්න