නුවරඑළියත් යට වෙයි - මහ වැසි මැද ගමනා ගමනයටත් බාධා
නුවරඑළිය ප්‍රදේශයට අද(05) දින උදෑසන පැයක පමණ කාලයක් ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම්වල ජලයෙන් යට වූ බව වාර්තා වේ.
ඒ අනුව ගිගුරුම් සහ අකුණු සහිතව ඇදහැළුණු මෙම තද වැසි නුවරඑළිය නගරයට පමණක් නොව අවට ග්‍රාමීය ප්‍රදේශවලට ද පතිත වීම නිසා එළවලු ගොවීන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දැඩි පීඩාවට පත් වූ බව සඳහන්.
එමෙන්ම මෙම තද වැසි හේතුවෙන් නුවරඑළිය නගර මධ්‍යයේ ගමනා ගමනයටද බාධා එල්ල වී ඇති බව සඳහන්.