‘බැකෝ සමන්’ට අයත් බව කියන කෝටි 4ක දේපොළ අත්හිටුවයි

Report

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිර්මල ප්‍රසංග හෙවත් ‘බැකෝ සමන්’ට අයත් බව කියන රුපියල් මිලියන 40ක් වටිනා දේපොළ සහ බැංකු ගිණුම් අත්හිටුවීමට නියෝග කර තිබේ.

මෙම නියෝගය පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් නිකුත් කර ඇති අතර, එය ඔක්තෝබර් 5 වැනිදා සිට වැඩ කරන දින 14ක් සඳහා බලපැවැත්වෙන බව සඳහන් වේ.

අදාළ දේපොළ අතර රුපියල් මිලියන 20ක් පමණ වටිනා අධි සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථයක් සහ පෞද්ගලික බැංකු දෙකක පවත්වාගෙන යන රුපියල් මිලියන 20ක් වටිනා ස්ථාවර තැන්පතු දෙකක් ඇතුළත් බව වාර්තා වේ.

මෙම දේපොළ නිමන්ති ෆොන්සේකා නමැති කාන්තාවකගේ නමින් මිලදී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.ඩබ්ලිව්. වික්‍රමසේකර මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙමින් පවතී.

ශ්‍රී ලංකාව සයිබර් තර්ජනයකට මුහුණ දෙයිද? - ඉන්දියාවෙන් ආරක්ෂක සහාය දෙන්න සුදානම්

ශ්‍රී ලංකාව සයිබර් තර්ජනයකට මුහුණ දෙයිද? - ඉන්දියාවෙන් ආරක්ෂක සහාය දෙන්න සුදානම්

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ලේක් හවුස් පුවත්පත් බෙදා හැරීම අරඹයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ලේක් හවුස් පුවත්පත් බෙදා හැරීම අරඹයි