නාමල් පක්‍ෂය ඇතුලේ භෞතිකව නැතිවුණාට.. අපේ සටනේ 'Plan B' නෑ.. 2029 හෝ ඊට පෙර නාමල් ජනාධිපති කරනවා - සංජීව එදිරිමාන්න

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා, 2029 හෝ ඊට පෙර පැවැත්වෙන ජනාධිපතිවරණයකින් නාමල් රාජපක්ෂ රටේ නායකයා කිරීම තම පක්ෂයේ උත්සාහය බව සඳහන් කරයි.

ඒ අද (05) දින පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදීයි. එසේම ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ, නාමල් රාජපක්ෂ පක්ෂය තුළ භෞතිකව නොමැති වුවත් එතුමන්ගේ නායකත්වය සහ වැඩපිළිවෙළ ඉතාමත් සක්‍රීයව පවතින බවයි.

එමෙන්ම ඔහු කියා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දියත් කරන සටනේ ‘Plan B එකක්’ නොමැති බවයි.

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

තවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සංජීව ඉදිරිමාන්න මහතා කියා සිටියේ,

''නාමල් රාජපක්ෂ පක්‍ෂය ඇතුලේ භෞතිකව නැතිවුනාට එතුමන්ගේ නායකත්වය සහ එතුමාගේ වැඩපිළිවෙල ඉතාමත් සක්‍රීයයි. කිසියම් නායකයෙක් තමන්ගේ වැඩපිළිවෙළ හඳුන්වා දුන්නට පස්සේ භෞතිකව පක්ෂයේ ප්‍රධාන කාර්යාලයට යන එන දින සහිතව හිටියත් නැතත් වැඩපිළිවෙල ඉස්සරහට යනවා. එතුමා භෞතිකව නැතිවුනාට වැඩපිළිවෙළ තියෙනවා. අපි 2029 හෝ ඉන් මෙපිට යම් තැනක කියන්නේ මම හැමදාම මේ වචනේ කියන්නේ 2029 හෝ ඉන් මෙපිට. මොකද මේ ආණ්ඩුව යන විදිහ අනුව මේ රටේ මහජනයාගේ ජනමතය හැසිරෙන විදිය අනුව අපිට පේනවා කිසියම් තීරණාත්මක දේශපාලන අවස්ථාවක් 2029 මෙපිටත් ඇතිවෙන්න ඉඩක් තියෙනවා කියලා. ඒ ඉලක්ක සහගත ගමනේ අපි ඉන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමා භෞතිකව මේ මත සිටිමින් මේ වැඩපිළිවෙළට නායකත්වය දුන්නා නම් ඉතාමත් හොඳයි තමයි. නමුත් ඒ අභියෝගයටත් අපි මුහුණ දෙමින් ඉන්නවා.''

ශිරන්ති බියෙන් - ලංකාවට එද්දි ගුවන්තොටුපොළේදිම අත්අඩංගුවට ගනී කියලා කල් තියා අධිකරණයට ඉල්ලීමක්

ශිරන්ති බියෙන් - ලංකාවට එද්දි ගුවන්තොටුපොළේදිම අත්අඩංගුවට ගනී කියලා කල් තියා අධිකරණයට ඉල්ලීමක්

අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි

අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි