අද 4 දක්වා වලංගු නිවේදනයක් - මේ දිස්ත්‍රික්කවල ජනතාව ප්‍රවේශමෙන් - අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ(05) දින නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබුණා.
ඒ අනුව එම සංවිධානය සඳහන් කළේ ඊයේ (05) සවස 4.00 සිට අද (06) සවස 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවයි.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඒ පහත පරිදීයි,
අනතුරු ඇඟවීමේ 2 මට්ටම
බදුල්ල දිස්ත්‍රික්කය: පස්සර
මහනුවර දිස්ත්‍රික්කයේ: මිනිපේ සහ උඩුදුම්බර
කෑගල්ල දිස්ත්‍රික්කයේ: දෙහිඕවිට
මාතලේ දිස්ත්‍රික්කයේ:අඹන්ගඟ කෝරලේ, මාතලේ සහ රත්තොට
----------------
අනතුරු ඇඟවීමේ 1 මට්ටම
මහනුවර දිස්ත්‍රික්කයේ: උඩපළාත
කෑගල්ල දිස්ත්‍රික්කයේ: බුලත්කොහුපිටිය සහ රඹුක්කන
රත්නපුර දිස්ත්‍රික්කයේ: වැලිගෙපොල, ඇහැලියගොඩ, රත්නපුර, කුරුවිට සහ අයගම