අද කොළඹ කොටස් පල්ලටම යයි - සැලකිය යුතු ගනුදෙනු ප්‍රමාණයක් සිදු වූ අද දවසේ සමස්ත පිරිවැටුම මෙන්න
අද දින ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශක යුගලයේම පහළ යෑමක් වාර්තා වී තිබෙන බව සඳහන්.
එබැවින් සමස්ත වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය නිරූපණය කරන සියලු කොටස් මිල දර්ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඒකක 168.38 කින් හෙවත් 0.81% කින් පහත වැටී ඒකක 20,644.26 ක් ලෙස සටහන් වූ බව වාර්තා වේ.
ඊට අමතරව, වඩාත් සක්‍රීය සමාගම් 20 නියෝජනය වන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකය ද දවස අවසානයේ ඒකක 36.48 කින් (0.62% කින්) පහත වැටී ඒකක 5,847.02 ක් වශයෙන් සටහන් ව ඇත.
ඒ අනුව දර්ශකවල පහත වැටීමක් පෙන්නුම් කළ ද, දිනය පුරා වෙළෙඳපොළ තුළ සැලකිය යුතු මට්ටමේ ගනුදෙනු ප්‍රමාණයක් සිදු විය.
එසේම දෛනික සමස්ත පිරිවැටුම රුපියල් 3,160,799,602.75 ක් (රුපියල් බිලියන 3.16 ඉක්මවා) වශයෙන් වාර්තා වී ඇත.
එමෙන්ම දිනය තුළ ගනුදෙනු 15,781 ක් සිදුව ඇති අතර, හුවමාරු වූ සමස්ත කොටස් ප්‍රමාණය 67,643,220 ක් වේ.