දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ජනාවාස තෘප්තතා දර්ශකය නමින් නව සංකල්පයක් - අගමැති

Report

රජයේ ඉලක්කය, ප්‍රජාවගේ සැබෑ සහභාගීත්වයෙන්, සියලු දෙනාට තමන්ගේම අභිමානවත් වාසස්ථානයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීම බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය මඟපෙන්වීම සහ අවශ්‍ය පහසුකම් සැපයීම රජ‍යෙන් සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරයි.

2026 ලෝක ජනාවාස දිනය සඳහා එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස දින වැඩසටහනට සමගාමීව "අවැසි පමණට - සැමට සෙවණ" තේමාවෙන් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යංශය විසින් අද (05) දින අරලියගහ මන්දිරයේදී සංවිධානය කළ ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව කියා ඇත.

එහිදී අද දින විවෘත කළ නිවාස පන්දහසේ 5000වැනි නිවස විවෘත කළ අග්‍රාමාත්‍යතුමිය, දේපළ හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම, ජනාවාස තෘප්තතා දර්ශකය එළිදැක්වීම සහ ජනාවාස දිනය සඳහා පැවති රචනා, චිත්‍ර,නර්තන සහ කෙටි චිත්‍රපට අංශයන්හි ජයග්‍රාහකයින් වෙත තිළිණ සහ සහතිකපත් පිරිනැමීමද සිදු කර ඇත.

මේ රියදුරු බලපත්‍ර ලංකාවේදි පිළි නොගනී.. තාවකාලික රියදුරු බලපත්‍ර ගැටලුවෙන් දැවැන්ත අර්බුදයක්

මේ රියදුරු බලපත්‍ර ලංකාවේදි පිළි නොගනී.. තාවකාලික රියදුරු බලපත්‍ර ගැටලුවෙන් දැවැන්ත අර්බුදයක්

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇය,

"අපි හැමෝම මොහොතකට හිතලා බලන්න ඕනේ, ඇත්තටම නිවසක් කියන්නේ මොකක්ද කියලා. නිවසක් කියන්නේ හුදෙක් ගඩොල්, සිමෙන්ති, වැලි එකතු කරලා හදන ව්‍යූහයක් විතරක් නෙවෙයි. නිවසක් කියන්නේ මනුෂ්‍යයෙකුගේ මූලික මානව අයිතිවාසිකමක්, අභිමානය, සුරක්ෂිතභාවය වගේම පවුලක සතුට රැඳිලා තියෙන ආදරණීය එකමුතුවට. මෙතෙක් කාලයක් අපේ රටේ පැවැති රජයන් යම් ආධාරයක් දීලා ජනතාව ප්‍රතිලාභීන් පිරිසක් විතරක් කරන සාම්ප්‍රදායික ක්‍රමයෙන් අපේ රජය සම්පූර්ණයෙන්ම බැහැර වෙනවා. රජය කියන්නේ මඟපෙන්වන, අවශ්‍ය පහසුකම් සපයන පාර්ශ්වයක් විතරයි. අපේ එකම ඉලක්කය වෙන්නේ ප්‍රජාවගේ සැබෑ සහභාගීත්වයෙන්, හැමෝටම තමන්ගේම කියලා අභිමානවත් වාසස්ථානයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීමයි. මෙන්න මේ අරමුණ වෙනුවෙන් අපි අපේ අනාගත තිරසර නිවාස ප්‍රතිපත්තිය උදෙසා මූලධර්ම නවයක් (09) පදනම් කරගත් අලුත් ප්‍රතිපත්තිමය වෙනස්කම් ගණනාවක් සිදුකරමින් සිටිනවා. ඒ අනුව, නිවාස කියන්නේ පුරවැසියාගේ මූලික මානව අයිතියක් ලෙසත්, හුදෙකලා ඒකක නොවී මුළු ජනාවාස පද්ධතියකම වැදගත් කොටසක් ලෙසත් අපි සලකනවා. ඒ සඳහා ඒකාබද්ධ පරිපාලන ක්‍රමවේදයක් ස්ථාපිත කරමින්, මානව සහ ස්ථානීය ලක්ෂණ සැලකිල්ලට ගෙන නිවාස ඉදිකිරීමට පියවර ගන්නවා. කිසිම පුරවැසියෙකුව අත් නොහැර, දත්ත මත පදනම් වන විද්‍යාත්මක සංවර්ධනයක් ඇති කිරීමත්, පාරිසරික තිරසරභාවය, උසස් ඉදිකිරීම් තත්ත්වය සහ ආර්ථිකය සමඟ දරාගත හැකි නිවාස පද්ධතියක් ගොඩනැගීමත් අපේ අරමුණක්. මෙවර ලෝක ජනාවාස දිනය වෙනුවෙන් අපි සමස්ත දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි, ජනතාව තමන් ජීවත්වන ජනාවාසය පිළිබඳ කොතරම් තෘප්තිමත්ද කියලා දැන ගැනීමට "ජනාවාස තෘප්තතා දර්ශකය" (Habitat Satisfaction Index - HSI) නමැති නව සංකල්පය හඳුන්වා දෙනවා. නිවාසවල ගුණාත්මකභාවය, පානීය ජලය, සනීපාරක්ෂාව, පරිසරය, ආරක්ෂාව සහ පොදු පහසුකම් මත පිහිටලයි මේ මිනුම සිදුකෙරෙන්නේ. ඒ විතරක් නෙවෙයි, හොඳම ගම්මානය, හොඳම නාගරික ප්‍රජාව, හොඳම නිවාස ව්‍යාපෘතිය සහ හොඳම පරිසර හිතකාමී ජනාවාසය තේරීම වෙනුවෙන් "හොඳම ජනාවාසය" ජනාධිපති සම්මානය ලබාදීමටත් අපි යෝජනා කර තිබෙනවා. ඊට අමතරව Clean Sri Lanka වැඩසටහනත් එක්ක එකතු වෙලා ඵලදායී ගෙවතු භාවිතය, වැසි ජලය රැස්කිරීම සහ නිවාස අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් "හරිත ජනාවාස අභියෝගය" හඳුන්වා දෙන අතරම, ජනාවාස ආශ්‍රිතව පැළ මිලියනයක් සිටුවීමේ "One Million Trees for Human Settlements" වැඩසටහනද දියත් කරනු ලබනවා. තමන්ගේ ප්‍රමාණයට වඩා විශාල මන්දිර හදලා ණය වෙනවාට වඩා, තමන්ගේ පවුලටත් රටටත් ගැලපෙන, පරිසර හිතකාමී "මගෙ ලස්සන පුංචි ගෙදර" සංකල්පය හරහා නව ආකල්පමය වෙනසක් අපේ අනාගත පුංචි පරපුර අතර ප්‍රචලිත කිරීමටත් අපි පියවර ගෙන තිබෙනවා. ඒවගේම "ජනාවාස පුනරුද දිනය" ලෙස නම් කරමින් නාගරික අඩු පහසුකම් ජනාවාසයන්හි සංවර්ධන කටයුතු සහ තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය පුහුණු හා රැකියා පියස වැඩසටහන් ආරම්භ කළා. "ජන දිය සම්පත" පානීය ජල පුනරුද දිනය ලෙස ජල පහසුකම් නැති ජනාවාසයන්ට නළ ජල පහසුකම් සැපයීම සහ ප්‍රජා ජල ව්‍යාපෘති රැසක් විවෘත කිරීමත් සිදුකළා. ඒවගේම ප්‍රජා ශ්‍රම දායකත්වයෙන් නිවාස ඉදිකිරීම සහ උතුරු-නැගෙනහිර මුදාගත් ඉඩම්වල අයිතිය ජනතාවට ලබාදීමත් සිදුකළා" යනුවෙන් පවසා ඇත.

ශිරන්ති බියෙන් - ලංකාවට එද්දි ගුවන්තොටුපොළේදිම අත්අඩංගුවට ගනී කියලා කල් තියා අධිකරණයට ඉල්ලීමක්

ශිරන්ති බියෙන් - ලංකාවට එද්දි ගුවන්තොටුපොළේදිම අත්අඩංගුවට ගනී කියලා කල් තියා අධිකරණයට ඉල්ලීමක්

එමෙන්ම එහිදී අදහස් දැක් වූ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා කියා සිටියේ,

"අපේ රටේ නිවසක් අහිමි සෑම පවුලකටම තමන්ගේම නිවසක් ලබා දෙන්න අපි සිහින දකිනවා. ඒ වෙනුවෙන් එක් දිනයක් වෙනුවට අපි ජනාවාස සතියක් නම් කරලා විශාල වැඩ කොටසක් සිදු කළා. රජයේ අධාර ඇතිව සිදු කරන සියලු නිවාස ව්‍යාපෘති අපි අතර මග නතර වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ නිවාස ජනතාවට ලබා දුන්නට පසු භවිතයට නොගෙන අත්හැර දමන්නත් අවස්ථාවක් නැහැ. ඒ නිවාසවල පවුලක් පදිංචි විය යුතුමයි. 2026 අපි ආරම්භ කළ නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 30000ක් සාදා නිමකරන්න අප කටයුතු කරනවා. රජය නිවසක් හදලාදීලා අත්හැර දමන්නේ නැහැ, පාසල, සෞඛ්‍ය පහසුකම් ඇතුළු සියලු දේ ඒ නිවාසියන් වෙත ළඟාකර දෙන්නත් කටයුතු කරනවා" යනුවෙන්.

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

කොළඹට රතු එළි - විහාරමහාදේවි උද්‍යානයට එන ජනතාවගේ ජීවිත අනතුරේ - බරපතළ අර්බුදයක්

එම අවස්ථාවට මහා සංඝරත්නය, ​නිවාස නියෝජ්‍ය අමාත්‍ය - ටී.බී. සරත්, ​කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී - ඒ. එම්. පී. ධනුෂ්ක රංගනාත්, අග්‍රාමාත්‍ය ලේකම් - ජී. ප්‍රදීප් සපුතන්ත්‍රි , ​නිවාස, ඉදි කිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් - කුමුදු ලාල් බෝගේහවත්ත යන මහත්වරුන්, එක්සත් ජාතීන්ගේ ජනාවාස වැඩසටහනේ මෙරට කාර්යාලයේ නිලධාරීන්, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිලාභින්, දරුදරියන් ඇතුළු විශාල පිරිසක් එක් විය.   

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී