අධිකරණය මගෑරලා පැනලා ගියා නෙවෙයි ස්වාමීනි ඥානසාර හිමියන් හිටපු තැනට සිග්නල් තිබ්බේ නෑ.. අද රටම උණුසුම් කළ නඩුවේදී නීතිඥයා කට අරී

Report

ඥාණසාර හිමියෝ තීනියාවල ආරණ්‍යයට වැඩම කළේ නිකායෙ නායක හිමිවරුන්ගේ උපදෙස් මත බවත්, උන්වහන්සේගේ නීතීඥවරයා වූ ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ සමඟ කතා කිරිමට නොහැකි වුයේ ජංගම දුරකතනයේ සිග්නල් නොමැති වූ හේතුවෙන් බවත් චුදිත හිමියන් සඳහා අධිකරණයේ පෙනී සිටි නීතිඥ සුදත් ජයසුන්දර අද (05) දින අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහා අභියාචනාධිකරණයට කරුණු ඉදිරිපත් කරමින්.

ඒ අනුව අද (05) දින අභියාචනාධිකරණය නියෝග කර තිබුණේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මඟින් නියම කර තිබෙන සිර දඬුවම්වල ඉතිරි කාලය ගෙවීම සඳහා උන්වහන්සේව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට භාර දෙන ලෙසයි.

අද පස්වරුවේ චීවරය ඉවත්කර ඥානසාර හිමිට ජම්පරය අන්දයි - බන්ධනාගාරයෙන් ප්‍රකාශයක්

අද පස්වරුවේ චීවරය ඉවත්කර ඥානසාර හිමිට ජම්පරය අන්දයි - බන්ධනාගාරයෙන් ප්‍රකාශයක්

එසේම නීතිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමක් අනුව උන්වහන්සේට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් සිතාසි නිකුත් කර තිබුණත් ඒ හිමියන් නොපැමිණීම නිසා අභියාචනාධිකරණය පළමුව වරෙන්තු නිකුත් කර තිබුණා.

අනතුරුව උන්වහන්සේ අධිකරණයට භාර නොවීම නිසා දුටු තැන අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්ද අධිකරණයෙන් නිකුත් කර තිබුණා.

තවද ඥානසාර හිමියන් විදේශ ගතවීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද නිකුත් කර තිබුණ අතර ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් එම නියෝගයේ සඳහන් විය.

එම සිද්ධියට සම්බන්ධ නඩුකරකය අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන විනිසුරුවන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (05) දින සලකා බැලුණ අතර නඩුකරය කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් සඳහා පෙනී සිටි නීතිඥ සුගත් ජයසුන්දර පැවසුවේ, ඥානසාර හිමියන්ට සිය ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූයේ උන්වහන්සේගේ ජංගම දුරකථනයේ සංඥා නොමැතිකම නිසා බවත් එමෙන්ම, හිමියන් අසනීප තත්ත්වය පසුවෙන බැවිනුත් යන්නයි.

අද දිවයිනේ සෑම ප්‍රදේශයකම ඉන්ධන පිරවුම්හන්වල ඉන්ධන නොමැතිව ජනතාව පෝලිම්වල.. ඉන්ධන නිසා යළිත් රටටම නරක ආරංචියක්

අද දිවයිනේ සෑම ප්‍රදේශයකම ඉන්ධන පිරවුම්හන්වල ඉන්ධන නොමැතිව ජනතාව පෝලිම්වල.. ඉන්ධන නිසා යළිත් රටටම නරක ආරංචියක්

එසේම උන්වහන්සේ විවේක ගැනීමට ආරණ්‍ය සේනාසයකට ගොස් සිටි බවත්, ඥානසාර හිමියන් කිසි විටෙකත් අධිකරණය මගහැර පලාගොස් නොසිටි බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත.

අධිකරණ නියෝගය සම්බන්ධ කිසිදු කරුණක් ජ්‍යෙෂ්ඨ නීතිඥයාගෙන් උන්වහන්සේට ලබාදීමට දුරකථන සංඥා නොමැතිවීමම මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට කරුණු වූ බවත් ඥානසාර හිමියන් අසනීප තත්ත්වයෙන් පසු වන බවට වෛද්‍ය වාර්තාවක් ද මේ වන විටත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් නීතිඥවරයා අධිකරණයට වැඩි දුරටත් දන්වා ඇත.

ඒ අනුව වගඋත්තරකාර ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න සමඟ පෙනී සිටි නීතීඥ සුදත් ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා ඇත්තේ,

"ස්වාමීනී, වගඋත්තරකාර හිමියන් පසුගිය දිනවල මානසික වශයෙන් බිඳ වැටී රෝගාතුර තත්ත්වයකට පත්වුණා. ඉන් අනතුරුව නායක හිමිවරුන්ගේ උපදෙස් මත උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියා. මානසික වශයෙන් විවේකයක් ලබා ගැනීම සඳහායි උන්වහන්සේ එහි රැඳී සිටියේ. එසේ නොමැතිව අධිකරණය මග හැරයාමේ චේතනාවක් උන්වහන්සේ තුළ තිබුණේ නැහැ."
අධිකරණය - "එසේ නම් වගඋත්තරකරු නීතිඥවරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු නොකළේ ඇයි?"
නීතිඥවරයා - "ස්වාමීනි, වගඋත්තරකාර හිමියන් රැඳී සිටි ස්ථානයේ දුරකථන සංඥා (Signal) දුර්වල තත්ත්වයකයි තිබුණේ. ඒ නිසයි නීතිඥවරු සම්බන්ධ කරගෙන උපදෙස් ලබා දෙන්න බැරි වුණේ. ස්වාමීනී, වගඋත්තරකාර ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට මා බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේට අවශ්‍ය ආරක්ෂාව සපයාදිය යුතු බවට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාවෙත් සඳහන් කර තිබෙනවා. එම නිසා උන්වහන්සේට බන්ධනාගාරය තුළදී අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ඊට අමතරව ඥානසාර හිමියන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සම්බන්ධයෙන් වූ නියෝග නිකුත් කරන ලෙසත් මා ඉල්ලා සිටිනවා "

ශිරන්ති බියෙන් - ලංකාවට එද්දි ගුවන්තොටුපොළේදිම අත්අඩංගුවට ගනී කියලා කල් තියා අධිකරණයට ඉල්ලීමක්

ශිරන්ති බියෙන් - ලංකාවට එද්දි ගුවන්තොටුපොළේදිම අත්අඩංගුවට ගනී කියලා කල් තියා අධිකරණයට ඉල්ලීමක්

මේ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, වගඋත්තරකාර ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට පළමු අවස්ථාවේ වරෙන්තුවක් සහ දෙවැනි අවස්ථාවේදී දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් විවෘත වරෙන්තුවක්ද නිකුත් කළ බවයි.

එමෙන්ම හිමියන්ට ලබාදුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අහෝසි කර ඇති බැවින් වගඋත්තරකාර හිමියන්ට ඉතිරි සිර දඬුවම් කාලය ගෙවීමට හිමියන්ව බන්ධනාගාරයට භාරදෙන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටි බව සඳහන්.

එමෙන්ම නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා ඇත්තේ,

ශිරන්ති බියෙන් - ලංකාවට එද්දි ගුවන්තොටුපොළේදිම අත්අඩංගුවට ගනී කියලා කල් තියා අධිකරණයට ඉල්ලීමක්

ශිරන්ති බියෙන් - ලංකාවට එද්දි ගුවන්තොටුපොළේදිම අත්අඩංගුවට ගනී කියලා කල් තියා අධිකරණයට ඉල්ලීමක්

" ස්වාමීනී, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වගඋත්තරකාර ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචනාධිකරණය විසින් සිර දඬුවම් නියම කළා. ඉන් අනතුරුව 2019 වසරේ මැයි මස 23 වැනිදා උන්වහන්සේට ජනාධිපතිවරයා විසින් සමාව ප්‍රදානය කළා. එහෙත් එම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර හිමියන්ට ප්‍රදානය කරන ලද සමාව නීතිය ඉදිරියේ බල ශූන්‍ය බවට ඉකුත් සැප්තැම්බර් 10 වැනිදා තීන්දුවක් ලබා දුන්නා. ඒ අනුව තමයි මේ මෝසම ඉදිරිපත් කිරීමට අප කටයුතු කළේ. මේ අවස්ථාවේ අප අධිකරණයෙන් ඉල්ලා සිටිනවා ඥානසාර හිමියන්ට නියම කරන ලද සිර දඬුවමට අයත් ඉතිරි දඬුවම් කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස"
නීතිඥ සුදත් ජයසුන්දර - ‘ස්වාමිනී, මගේ සේවාදායක හිමියන්ට අධිකරණය හමුවේ කෙටි කරුණු දැක්වීමක් සිදු කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”
විනිසුරු මඩුල්ල - වගඋත්තරකාර හිමියන් වෙනුවෙන් නීතිඥවරයකු කරුණු දක්වා තිබෙනවා. එබැවින් එම ඉල්ලීමට අවසර දිය නොහැකියි.

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

ඒ අනුව දෙපාර්ශවය කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිරණය වගඋත්තරකාර හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට භාර දෙන ලෙස පොලිසියට නියෝග කර ඇත.

2016 ජනවාරි 03 වැනි දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරයකින් තොරව අධිකරණයට අපහාස කරමින් ප්‍රකාශයක් කළ බවට චෝදනා ලැබ අභියාචනාධිකරණයෙන් වරදකරු කොට වසර 19ක සිර දඬුවමක් වසර හයකින් ගෙවී යන පරිදි ඥානසාර හිමියන්ට නියම වූ අතර පසුව ඥානසාර හිමියන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනපති සමාවක් ප්‍රදානය කර තිබෙනවා.

එහෙත් එම ජනපති සමාවට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් එම සමාව බලරහිත කිරීමට නියෝග කර ඇත.

එසේම වගඋත්තරකාර හිමියන් සඳහා නීතිඥ සුදත් ජයසුන්දර පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් ජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා පෙනී සිට ඇත.

මේ රියදුරු බලපත්‍ර ලංකාවේදි පිළි නොගනී.. තාවකාලික රියදුරු බලපත්‍ර ගැටලුවෙන් දැවැන්ත අර්බුදයක්

මේ රියදුරු බලපත්‍ර ලංකාවේදි පිළි නොගනී.. තාවකාලික රියදුරු බලපත්‍ර ගැටලුවෙන් දැවැන්ත අර්බුදයක්