හාල් ප්‍රශ්නේ ඉවර නැද්ද?. රජය ගත් තීරණය මෙන්න..

Government Of Sri Lanka Latest Headlines Decision Making Rice National People's Power - NPP
By krishani Jan 11, 2025 12:46 PM GMT
krishani

krishani

Report

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපාකාර නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ සහල් ආනයන කාල සීමාව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

එමෙන්ම,මේ වන විට වී අස්වනු නෙළීමේ කටයුතු ප්‍රදේශ කිහිපයකම ආරම්භ කර ඇත.

ඒ හේතුවෙන් තවදුරටත් සහල් ආනයනය කිරීමෙන් එම ගොවීන්ට අසාධාරණයක් සිදුවන බව ඒ මහතා කියා සිටියේ ය.

නව රජයේ මංගල අයවැයෙන්, විශ්‍රාමික වැටුපට මොකද වෙන්නෙ?. රජය ගත් තීරණය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, විශ්‍රාමික වැටුපට මොකද වෙන්නෙ?. රජය ගත් තීරණය මෙන්න..

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (11) ලුනුගම්වෙහෙර පන්නෙගමුව වී ගබඩා සංකීර්ණය නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් ය.

ඒ එහි නවීකරණය කර වී ගබඩා කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම සඳහා ය.

තවද, රජය විසින් මෙවර වී මිල දී ගැනීම් කටයුතු නිසි වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගන්නා බව ඒ මහතා පැවසීය.

මේ අතර, ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය අවසන් විය.

You May Like This Video👇 

ReeCha