අධිකරණ නියෝගයෙන් පැය කිහිපයකට මාධ්‍ය ආයතන 3කට ධවල මන්දිරයේ රාජ්‍ය භෝජන සංග්‍රහයට ප්‍රවේශය අහිමි වෙයි

Report

CNN, MS NOW සහ Politico යන මාධ්‍ය ආයතනවල වාර්තාකරුවන්ට චීන ජනාධිපති ෂී ජින්පින් වෙනුවෙන් ධවල මන්දිරයේ පැවති රාජ්‍ය මට්ටමේ රාත්‍රී භෝජන සංග්‍රහය ආවරණය කිරීම සඳහා ඇතුළුවීමට අවසර ලබාදී නොමැති බව වාර්තා වේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ, අදාළ මාධ්‍ය ආයතන තුනට ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කිරීමට එරෙහිව ෆෙඩරල් විනිසුරුවරයෙකු නියෝගයක් නිකුත් කර පැය කිහිපයකට පසුව වීම විශේෂත්වයකි.

විනිසුරු ටිමෝති කෙලී විසින් නිකුත් කළ නියෝගයකින්, CNN, MS NOW සහ Politico වෙත පනවා තිබූ ප්‍රවේශ තහනම තාවකාලිකව අත්හිටුවමින් ඔවුන්ගේ මාධ්‍ය ප්‍රවේශ බලපත්‍ර යළි ලබාදෙන ලෙස නියෝග කර තිබිණි.

බොලිවුඩ් සිනමාව සහ රසිකයන් ශෝකයට පත් කරමින් ප්‍රවීණ විකට නළු මුෂ්තාක් ඛාන් සමුගනී

බොලිවුඩ් සිනමාව සහ රසිකයන් ශෝකයට පත් කරමින් ප්‍රවීණ විකට නළු මුෂ්තාක් ඛාන් සමුගනී

එම තහනම ඔවුන්ගේ ව්‍යවස්ථානුකූල අයිතිවාසිකම් සහ නිසි නීතිමය ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලු මතු කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.

බ්‍රහස්පතින්දා උදෑසන එම මාධ්‍ය ආයතන තුනේ වාර්තාකරුවන්ට යළි ධවල මන්දිරයට ඇතුළුවීමට අවසර ලැබී තිබුණද, සවස්වරුවේ පැවති රාජ්‍ය භෝජන සංග්‍රහය ආවරණය කිරීමට යාමේදී යළි ගැටලුවකට මුහුණ දී තිබේ.

CNN වාර්තාකරුවෙකු සහ නිෂ්පාදකවරයෙකු මෙන්ම MS NOW වාර්තාකරුවෙකු සඳහන් කර ඇත්තේ, රාජ්‍ය භෝජන සංග්‍රහයට සහභාගී වන අමුත්තන්ගේ පැමිණීම වාර්තා කිරීමට ධවල මන්දිරයට ඇතුළුවීමට තමන්ට අවසර ලබා නොදුන් බවයි. අදාළ මාධ්‍ය ආයතන පවසන්නේ එම ආවරණ කටයුතු සඳහා තම වාර්තාකරුවන්ගේ නම් ද නියමිත පරිදි ඉදිරිපත් කර තිබූ බවයි.

ෂී ජින්පින් ධවල මන්දිරයට පැමිණීමට නියමිත වේලාවට පැයකට පමණ පෙර, එම අවස්ථාව ආවරණය කිරීමට අවසර ලැබෙන්නේ ඡායාරූප ශිල්පියෙකු සහ ශ්‍රව්‍ය තාක්ෂණ ශිල්පියෙකුට පමණක් බවත්, වාර්තාකරුවෙකු සහ නිෂ්පාදකවරයෙකු ඇතුළත් කණ්ඩායමකට අවසර නොමැති බවත් ධවල මන්දිරය දැනුම් දී තිබූ බව වාර්තා වේ.

MS NOW හි ධවල මන්දිර වාර්තාකාරිනී ලෝරා බැරන්-ලෝපෙස් සඳහන් කර ඇත්තේ, ඇතුළුවීමට නොහැකි බවත් මේ සම්බන්ධයෙන් ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගන්නා ලෙසත් තමන්ට දැනුම් දුන් බවයි.

මේ අතර, ධවල මන්දිරයේ සන්නිවේදන අංශයට සම්බන්ධ X ගිණුමක සඳහන් කර තිබුණේ, මාධ්‍ය ආයතනවලට ධවල මන්දිරයේ සෑම ප්‍රදේශයකටම සහ සෑම උත්සවයකටම අසීමිත ප්‍රවේශයක් හිමි නොවන බවයි.

මෙම නව සිදුවීම සිදුව ඇත්තේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සතියේ CNN, MS NOW සහ Politico වෙත ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කිරීමෙන් අනතුරුවය. එම මාධ්‍ය ආයතන තම පරිපාලනය පිළිබඳව "ව්‍යාජ" හෝ "බොරු" තොරතුරු වාර්තා කරන බවට ට්‍රම්ප් චෝදනා කර තිබිණි.

විනිසුරු කෙලී සිය නියෝගයේදී, මාධ්‍ය ආයතනවල ස්ථිර මාධ්‍ය ප්‍රවේශ බලපත්‍ර අවලංගු කිරීමෙන් ජාතික ආරක්ෂාව ආරක්ෂා වන බවට ධවල මන්දිරය ඉදිරිපත් කළ තර්කයට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කළේය.

රැකියා අපේක්ෂිතයින්ට සුබ ආරංචියක්- 2026දී රාජ්‍ය සේවයට 120,000ක් ගන්න පුළුල් සැලසුමක්

රැකියා අපේක්ෂිතයින්ට සුබ ආරංචියක්- 2026දී රාජ්‍ය සේවයට 120,000ක් ගන්න පුළුල් සැලසුමක්

අදාළ මාධ්‍ය ආයතනවල ප්‍රවේශ බලපත්‍ර වහාම යළි ලබාදීමටත්, දින 14ක කාලයක් සඳහා තහනම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමටත් විනිසුරුවරයා නියෝග කර තිබේ.

කෙසේ වෙතත්, ධවල මන්දිරය සහ අදාළ මාධ්‍ය ආයතන අතර ප්‍රවේශය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව තවදුරටත් අවසන් වී නොමැති බව නවතම සිදුවීමෙන් පෙනී යයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට