පොත් මුද්‍රණයේදී අක්‍රමිකතා කළ බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එම පුද්ගලයාට බුද්ධශාසන අමාත්‍යාංශය මගින් "දැහැමි නිවහනයි අපේකම රැඳි හෙට දිනයි" යනුවෙන් පොත් මුද්‍රණය කිරීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත
තවද මෙම සැකකරු විසින් සිය හිතවත් ආයතනයක් වෙත අවස්ථා තුනකදී රුපියල් 4,790,000 මුදලකට අදාළ පොත් ප්‍රමාණය මුද්‍රණය කිරීමට භාර තිබෙන බව වාර්තා වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කරන්නේ අදාළ පොත් තොගය ගබඩාව වෙත ලබා නොගෙනම ඊට අදාළ ගෙවීම් සිදුකිරීම තුළින් රජයට පාඩු සිදුකිරීම සහ තම හිතවත් ආයතනයට අනිසි වාසියක් සැලසීම මගින් මොහු දූෂණය නැමැති වරද සිදුකර ඇති බවයි
මෙලෙස අත්අඩංගුවට ගත් හිටපු ලේකම්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත ,