මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ගේ පියා යළි රිමාන්ඩ්

Report

ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් මහතා ලබන 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහුට එරෙහි නඩුව අද (25) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

එහිදී ශිරාන් බාසික් විසින් උපයාගත් බව කියන මුදල් මෙරටට රැගෙන ඒම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වන සම්පත් අත්තටගේ මහතා ද නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.

විදේශගතව සිටින එම සැකකරු මෙරටට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගන්නා ලෙසද අධිකරණය නියෝග කර ඇත.

අල්ලස් දුන් සරණ ගුණවර්ධනගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් දුන් සරණ ගුණවර්ධනගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට

අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් මහතා පසුගිය සැප්තැම්බර් 11 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ, ශිරාන් බාසික් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 03ක මුදලක් වැය කර ගම්පහ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් තම නමින් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.

 සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට