තුනෙන් දෙකක බලය ජනතාව වෙනුවෙන්මයි - ලාල් කට අරී
ජාතික ජන බලවේගයට ජනතාව ලබාදී ඇති තුනෙන් දෙකකට වැඩි බලය ජනතාව වෙනුවෙන් භාවිත කරන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම හරහා ජනතාවගේ එක් ප්‍රධාන අභිලාෂයක් ඉටු කිරීම සඳහා ආරම්භයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙරට අධිකරණ පද්ධතිය කාලීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි යාවත්කාලීන නොවීම හේතුවෙන් මහජනතාව විශාල පීඩාවකට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.
නඩු විභාග ප්‍රමාදවීම හේතුවෙන් ජනතාවට විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති අතර, එම මුදල් ඔවුන්ගේ ජීවිතවල වෙනත් ප්‍රතිඵලදායක කටයුතු සඳහා යොදාගත හැකිව තිබූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පමණක් අධිකරණ පද්ධතිය සම්බන්ධ සියලු ගැටලු විසඳිය නොහැකි බවත්, ඒ සඳහා තවත් බොහෝ කාර්යයන් සිදුකළ යුතු බවත් ලාල්කාන්ත මහතා පැවසීය.
දැනට ජනතාව අධිකරණය වෙත යන ක්‍රමය වෙනුවට අධිකරණය ජනතාව වෙත ගෙන යා යුතු බවද ඔහු සඳහන් කළේය. අධිකරණ බලය පාර්ලිමේන්තුවේ හෝ අධිකරණයේ බලයක් නොව ජනතාව සතු බලයක් බවත්, එම බලය ගම දක්වා ගෙන යාම දීර්ඝකාලීන අරමුණක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එය කඩිනමින් සිදු කළ හැකි කාර්යයක් නොවන අතර, එම අරමුණ කරා ළඟාවීමට යම් කාලයක් ගතවන බවද ඔහු පැවසීය. ඊට අමතරව, අධිකරණ බලය ජනතාව වෙත වඩාත් සමීප කිරීම සඳහා අවශ්‍ය මානව සම්පතද සංවර්ධනය කළ යුතු බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.