චාමර සම්පත්ගේ හිටපු පෞද්ගලික ලේකම් ලබන 9 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබන 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ .

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝග නිකුත් කර ඇත

විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව තෝරාගත් සමාගම් තුනක් සදහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීමට මෙම සැකකරු ක්‍රියා කර ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කර තිබේ .

අදාළ සමාගම් වෙත පොස්පේට් ආනයනට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය දීම සහ ආධාර අනුබල ලබා දීම තුළින් ලක්ෂ 81 මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබාගෙන සැකකරු බැංකු ගිණුමේ තැන්පත් කර ඇති බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී ඇති බවත් විමර්ශන නිලධාරීන් සඳහන් කර ඇත

තවද මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 7දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබේ

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත .

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

]