හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ බිරිඳ, චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි අත්අඩංගුවට - හේතුව මෙන්න
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇයව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වන්නේ කොළඹ අංක 11 මහාධිකරණයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව පවතින නඩුවකට අදාළව විනිසුරුවරයා ලවා අත්හිටවූ සිරදඬුවමක් ලබාදෙන ලෙස අධිකරණයේ කාර්යාලයේ කාර්ය සහායකයෙකුට රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.
එසේම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.