විපක්ෂයේ සහ සිවිල් සංවිධාන විරෝධය මැද 22 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Report

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම අද (25) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 158ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 63ක් ලැබී තිබේ.

විපක්ෂය ඇතුළු සිවිල් සමාජ සංවිධානවල විරෝධතා මධ්‍යයේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සිදුවූ බවද වාර්තා වේ.

පනත් කෙටුම්පතේ අන්තර්ගත කරුණු අභියෝගයට ලක් කරමින් පෙත්සම් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, ඊට සහාය පළ කරමින් අතරමැදි පෙත්සම්ද ඉදිරිපත් කර තිබිණි.

නාවලපිටියම ජලයෙන් යට වෙයි - කාලගුණයෙන් තවත් අනතුරු ඇඟවීමක්

නාවලපිටියම ජලයෙන් යට වෙයි - කාලගුණයෙන් තවත් අනතුරු ඇඟවීමක්

ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මතය පසුගිය 22 වැනි අඟහරුවාදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහිදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් එය සම්මත කිරීම ප්‍රමාණවත් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබිණි.

ඒ අනුව අදාළ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) සහ අද (25) පැවැත්විණි.

රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂ නිවේදනයක් - අද සිට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ආරම්භයි

රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂ නිවේදනයක් - අද සිට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ආරම්භයි

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව