නාවලපිටියම ජලයෙන් යට වෙයි - කාලගුණයෙන් තවත් අනතුරු ඇඟවීමක්

Report

පවතින අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය බස් නැවතුම්පොළ අද (25) පස්වරුව වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබේ.

බස් නැවතුම්පොළ හරහා වැසි ජලය ගලා යන කාණු පද්ධතිය අවහිරවීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව එහි වෙළෙඳසැල් හිමියෝ පවසති.

බස් නැවතුම්පොළ ජලයෙන් යටවීම හේතුවෙන් මගීන් මෙන්ම බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ද දැඩි අපහසුතාවට පත්ව සිටිති.

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

මේ අතර, ඉදිරි පැය 36 තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලද පස්වරු 2.00න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල - දිවයිනේ ප්‍රථම ස්ථානය මධ්‍යම පළාතට