රුපියල් ලක්ෂ 78කට අධික මහජන මුදලින් සවිකළ ජී.පී.එස් පද්ධති අකර්මණ්‍ය වෙයි - විගණනයෙන් දැවැන්ත අනාවරණයක්

Report

අන්තර්පළාත් බස්රථ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් 2025 වසර තුළ සවිකරන ලද GPS පද්ධති 2,834කින් පද්ධති 1,613ක්, එනම් සියයට 56ක්, 2026 ජනවාරි මාසය වන විට අක්‍රිය තත්ත්වයේ පැවති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

මෙම GPS පද්ධති සවිකිරීම සඳහා රුපියල් 7,838,329ක මුදලක් වැය කර තිබූ අතර, අක්‍රිය තත්ත්වයේ පවතින පද්ධති කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ යුතු බව විගණනය මගින් නිර්දේශ කර ඇත.

මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විගණනයට සඳහන් කර ඇත්තේ, අක්‍රියව පවතින GPS පද්ධතිවලින් වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය බස්රථවල සවිකර ඇති පද්ධති බවයි.

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

GPS උපකරණවල SIM කාඩ්පත් නඩත්තුව, දත්ත සම්ප්‍රේෂණ සම්බන්ධතා පවත්වාගෙන යාම සහ GPS පාලන මැදිරියේ තාවකාලික වැඩ පැවරුම් මත සේවයේ යොදවා සිටින කාර්ය මණ්ඩලයට මාසික දීමනා ගෙවීම සඳහාද මුදල් වැය කර ඇති බව කොමිෂන් සභා කළමනාකාරිත්වය විගණනයට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, සැලකිය යුතු මුදලක් වැය කර සවිකර ඇති GPS පද්ධතිවලින් අඩකට වැඩි ප්‍රමාණයක් අක්‍රියව පැවතීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව විගණන වාර්තාව අවධාරණය කරයි. 

 

රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂ නිවේදනයක් - අද සිට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ආරම්භයි

රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂ නිවේදනයක් - අද සිට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ආරම්භයි