දුරගමන් සේවා බස් රථ සඳහා පහසුකම් සපයන ආපනශාලා නියාමනය කරන ලෙස ඉල්ලීමක්

By Shehan Apr 07, 2025 03:45 AM GMT
Report

දුරගමන් මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර සපයන ආපනශාලාවල ගුණාත්මකභාවය පිළිබඳව පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අංශ ක්‍රියාමාර්ග ගත යුතු බව බස් සංගම් අවධාරණය කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ආපනශාලාවල ආහාර අපිරිසිදු බවත්, වැසිකිළි හා කැසිකිළි පහසුකම් ගුණාත්මකභාවයෙන් යුතුව පවත්වාගෙන නොයන බවත් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවය.

වැලිකඩ තරුණ මරණය: ස්ථානාධිපති ඉවත් කිරීමට නිර්දේශ

වැලිකඩ තරුණ මරණය: ස්ථානාධිපති ඉවත් කිරීමට නිර්දේශ

මේ පිළිබඳව අදහස් දක්වමින්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ආහාර පානවල ගැටලු සහ සනීපාරක්ෂක ගැටලු වසර ගණනාවක් තිස්සේ පවතින බවය.

මේ අතර, දුරගමන් මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර සපයන ආපනශාලාවල අධික මිල ගණන් යෙදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි හේතුවෙන්, එවැනි ස්ථානවලට වැටලීම් සිදුකිරීමට පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ගිය අවුරුදු කාලේ වාගේ නෙවයි.... 40%ක් වාසි

ගිය අවුරුදු කාලේ වාගේ නෙවයි.... 40%ක් වාසි