රාජිතගේ කොළඹ පිහිටි මිලියන 30කට අධික වටිනාකමින් යුත් දේපළක් රාජ සන්තක කරන්නැයි ඉල්ලයි

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් හිටපු ධීවර හා ජලජ සම්පත් ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ විශේෂ මෝසමක් ගොනු කර ඇත.

මෝසම මගින්, වරෙන්තු ලැබ සැඟව සිටින බවට චෝදනා එල්ල වී ඇති රාජිත සේනාරත්න මහතාගේ නමින් ලියාපදිංචි, කොළඹ පිහිටි රුපියල් මිලියන 30කට අධික වටිනාකමින් යුත් දේපළක් තහනමට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇත.

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

රනිල්ට ඇප ලැබුණු ඇත්තම හේතු මෙන්න

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ඉල්ලා ඇති මෙම තහනම් කිරීමේ නියෝගය, රාජිත සේනාරත්න මහතාගේ දේපළ ලියාපදිංචිය සම්බන්ධයෙන් කඩුවෙල උප දිසාපතිවරයාට සහ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට ලබා ගැනීමට නියමිතය.

මෙම නියෝගය මගින් එම දේපළ භාවිතය, හුවමාරුව, හෝ විකිණීම තහනම් කිරීම අපේක්ෂා කෙරේ. මෙම මෝසම අද දිනම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර ඇති අතර, ඔහු දිගින් දිගටම අධිකරණය මගහැර සැඟව සිටින බවට අල්ලස් කොමිසම විසින් චෝදනා කරයි.

අපි රාජපක්ෂලාව, සිරිසේනව දැක්කේ අපේ ප්‍රතිවාදීන් විදිහට, ඒ වුණත් එයාලා තමයි මේ වෙලාවේ රනිල්ට ඇප ගන්න උදව් කළේ හදවතින්ම ස්තූතිවන්ත වෙන රුවන්

අපි රාජපක්ෂලාව, සිරිසේනව දැක්කේ අපේ ප්‍රතිවාදීන් විදිහට, ඒ වුණත් එයාලා තමයි මේ වෙලාවේ රනිල්ට ඇප ගන්න උදව් කළේ හදවතින්ම ස්තූතිවන්ත වෙන රුවන්

ඉකුත් 20 වැනිදා, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රාජිත සේනාරත්න මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇති අතර, ඔහුට ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියම කර ඇත.  

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්