අපි රාජපක්ෂලාව, සිරිසේනව දැක්කේ අපේ ප්‍රතිවාදීන් විදිහට, ඒ වුණත් එයාලා තමයි මේ වෙලාවේ රනිල්ට ඇප ගන්න උදව් කළේ හදවතින්ම ස්තූතිවන්ත වෙන රුවන්

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මහතාට අද දින රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඇප මත මුදාහරින මෙන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප

ඒ සමඟ මේ සම්බන්ධයෙන් සතුට පළ කළ රුවන් විජේවර්ධන මහතා මාධ්‍යයට මෙසේ තම අදහස් පළ කළා.

" ඇත්තෙන්ම අද සතුටුදායකයි. එතුමාට සහයෝගය පළ කරන්න ආපු සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා. සියලු පක්ෂවලට. එක්සත් ජාතික පක්ෂයට විතරක් නෙවෙයි සමගි ජන බලවේගයේ විපක්ෂ නායකතුමා ඇතුළු ඒ සියලුම කණ්ඩායමටත් අනිත් පක්ෂවල නායකවරුන්ටත් අපි ස්තූතිවන්ත වෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහයෝගය දැක්වීම ගැන. ඒ වගේම අපි අපේ ප්‍රතිවාදීන් විදිහට දැක්කේ ශ්‍රී ලංකා පොදු පෙරමුණේ අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාත් සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාට රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් පෙනී සිටි සියලුම නීතීඥවරුන්ට අපේ හදවතින්ම ස්තූතිය පළ කරනවා." යනුවෙන්.

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

වැය ශීර්ෂේ කොහෙවත් කියලා නෑ පුද්ගලික ඒවට මෙච්චරයි පොදු ඒවාට මෙච්චරයි කියලා ඒ නිසා රනිල්ව අත්අඩංගුවට ගන්න පුළුවන් නම් අනුරව දහවතාවක් අත්අඩංගුවට ගන්න පුළුවන්, පාඨලීත් පෙරට එයි

වැය ශීර්ෂේ කොහෙවත් කියලා නෑ පුද්ගලික ඒවට මෙච්චරයි පොදු ඒවාට මෙච්චරයි කියලා ඒ නිසා රනිල්ව අත්අඩංගුවට ගන්න පුළුවන් නම් අනුරව දහවතාවක් අත්අඩංගුවට ගන්න පුළුවන්, පාඨලීත් පෙරට එයි