වගාවට හානි කරන සතුන් සම්බන්ධයෙන් හෙට වාර්තාවක්
By Hashini
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ වගාවට හානි කරන රිළවා ඇතුළු සතුන් සම්බන්ධයෙන් සිදු කරන ලද සංගණන වාර්තාව හෙට (23 වැනිදා) එළි දැක්වීමට නියමිත බවයි.
රිළවා, වඳුරා, දඬු ලේනා සහ මොනරා යන සතුන් සම්බන්ධව මෙම සංගණනය සිදු කෙරුණි.
මෙම සංගණනයට අනුව දිවයිනේ කැලෑ ප්‍රදේශ හැර වගා ඉඩම් හා ගම් නගර ආශ්‍රිතව රිළවුන් ලක්ෂ 80 ක් පමණද, වඳුරන් ලක්ෂ 40 ක් පමණ සිටින බවට ද තොරතුරු අනාවරණය වී තිබුණා.
කෙසේ නමුත් සංගණන පත්‍රිකාවල රිළවුන් සංඛ්‍යාව දෙතුන් ගුණයකින් වැඩිකර ඇතැම් ගොවීන් සඳහන් කර ඇතැයිද අමාත්‍යාංශය කියයි.
මේ නිසා මිහින්තලේ, කැකිරාව ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට නැවත නිලධාරීන් යොදවා දෙවැනි වරටත් සංගණනයක් සිදු කෙරුණි.