මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව ප්‍රධානියෙක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර තිබෙනවා.
ඒ කමල් අමරසිංහ මහතායි.
ඔහු පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙකු වන අතර වයඹ පළාත් සභාවේ මාර්ග හා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවා.
එමෙන්ම වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා ලෙසද , බුද්ධ ශාසන සා වයඹ සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසද ඔහු කටයුතු කර තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයා වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟයි නව කොමසාරිස් ජනරාවරයෙකු අද පත් වුණේ.