ෂෙඩ්වල ගෑස් ඉවත් කරන්න... කරන්නේ නීතිය කඩ කිරීමක්.

Report

සියලු ඉන්ධන පිරවුම්හල්වල, ඉන්ධන සමග ගෑස් ගබඩා කිරීම වහාම නතර කළ යුතු බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ ආනන්ද පාලිත මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඉන්ධන පිරවුම්හල්වල ආරක්‍ෂාව සම්බන්ධයෙන් බලධාරීන් මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. පසුගියදා කුරුණෑගල ඉන්ධන හලක් ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ඉලක්කය 19 හැවිරිදි තරුණයා...කෙහෙල්බද්දර පද්මේගේ නෑදෑයා...ගනේමුල්ලේ සංජිව ඝාතන පළිය

ඉලක්කය 19 හැවිරිදි තරුණයා...කෙහෙල්බද්දර පද්මේගේ නෑදෑයා...ගනේමුල්ලේ සංජිව ඝාතන පළිය

ඉන්ධන ටැංකි සහ ගෑස් ගබඩා කිරීම යනාදිය වෙන් වශයෙන් ගබඩා කළ යුතු බවත් වර්තමානයේ දී ඉන්ධන සහ ගෑස් එකම ස්ථානයක ගබඩා කර තැබීම සිදුවන බවත් පෙන්වා දෙනවා.

එම නිසා නිසි පරිදි වෙන් වශයෙන් ගබඩා කිරීමට පියවර ගත යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ඉන්ධන ටැංකි සහ ගෑස් ගබඩා කිරීම සම්බන්ධයෙන් පවතින නීති මෙවවිට උල්ලන්ඝනය වී ඇති බවත් ඔහු අනාවරණය කළා.

වැට් බද්දෙන් නිදහස්වූ භාණ්ඩ ලිස්ට් එක මෙන්න

වැට් බද්දෙන් නිදහස්වූ භාණ්ඩ ලිස්ට් එක මෙන්න

එම නිසා ඉන්ධනාහල ආශ්‍රිතව පවතින ගෑස්ටැංකියි ඉවත් කිරීමට පියවර ගත යුතු බවද ඔහු පෙන්වා දෙනවා. එය වෙනම සීමාවක තැන්පත් කළ යුතු බවද සඳහන් කළ ඔහු, අවම වශයෙන් තාප්පයකින් හෝ වෙන්කළ තැබිය යුතු බවයි පෙන්වා දුන්නේ.