පෞද්ගලික උපාධි ආයතන ගැන රජයෙන් තීරණයක් ගනී. - අගමැතිනි හරිනි මැදිහත් වෙයි.

Report

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එහා ගිය පුළුල් පරිවර්ථනයක් ජනතාව ඉල්ලා සිටින බවත්, පාසල් අතර පවතින පරතරය නැති කළ යුතු අතර පෞද්ගලික උපාධි ආයතන නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළි වෙලක් අවශ්‍ය බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා.

ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වන ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, ජාතික අධ්‍යාපන කොමිසම, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීයි.

මෙහිදී පාසල් අතර පරතරය නැතිකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය රැකියාවකට එහා ගිය ජාතික වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙසද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

රාජ්‍ය සේවය කප්පාදු කිරීම ගැන ජනපති අනුර අද කළ විශේෂ ප්‍රකාශය.

රාජ්‍ය සේවය කප්පාදු කිරීම ගැන ජනපති අනුර අද කළ විශේෂ ප්‍රකාශය.

අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කර සිටියේ, කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග සිදු වූ අධ්‍යාපන විප්ලවයට එහා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් අවශ්‍ය බවත්, එය ඉටු කිරීමට වත්මන් රජය බැදී සිටින බවයි.

ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක අවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සියළු ක්ෂේත්‍ර ආවරණය වන නවීන තාක්ෂණික ලෝකයට ගැළපෙන අනාගත පරපුරක අවශ්‍යතාව මෙහිදී ස්මතු කළා.

එමෙන්ම වංචනික උපාධි ආයතන වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමත්, ඒ සඳහා වන නෛතික රාමුව සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයන් හි ගුණාත්මක භාවය පිළිබඳවද මෙහිදී සිය අවධානය යොමු විය.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.


You May Like This Video