වෙසක් උත්සවය නිමිත්තෙන් ජනතාවට ලැබෙන සුවිශේෂී සහනය මෙන්න.. විශාල ඉතිරියක්.. (PHOTO)
එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.
ඒ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ශිතතා අමාත්‍යයංශයේ උපදෙස් පරිදි ය.
ඒ අනුව හාල්මැස්සෝ ,ලොකු ළුෑණු ,කඩල සහ සුදු සීනි වල මිල මෙලෙස අඩු කර ඇත.
කෙසේ වෙතත්, දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද දින එනම් 2024.05.22 සිට ලබා ගත හැකිය.
එම නිවේදනය පහතින් දැක් වේ,
මේ අතර, මෙවර වෙසක් උත්සවය නිමිති කරගෙන කොළඹ නගරයේ වෙසක් තොරණ් 11ක් ප්‍රදර්ශනය කෙරෙයි.
වෙසක් කලාප 4ක් කොළඹ නගරය තුළ පැවැත්වෙන අතර එයට අමතරව කොළඹ තදාසන්න නගරවල හා පිට පළත්වල තොරණ හා වෙසක් කලාප මෙන්ම දන්සැල් රැසක් පැවැත් වේ.
