ජාතික හා පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු මෙන්න - පළාත් අනුව සංඛ්යාවත් අග්රාමාත්යවරිය හෙළිකරයි
ජාතික හා පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු 23,006ක් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ ක්රියාවලිය සහ සම්මුඛ පරීක්ෂණ සඳහා අපේක්ෂකයන් කැඳවන ආකාරය පිළිබඳව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය අද (23) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළාය. එහිදී ඇය සඳහන් කළේ, 2022 වසරේ පළ කළ ගැසට් නිවේදනය සහ අදාළ අධිකරණ තීන්දු අනුව බඳවා ගැනීමේ ක්රියාවලිය සිදුකිරීමට සිදුව ඇති බවයි.
එහිදී අදහස් දැක්වු අග්රාමාත්යවරිය '
'ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්රීසි මාධ්ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්රී ලංකා ගුරු සේවයේ 3-I (අ) ශ්රේණියට බඳවා ගැනීමට අදාළව, රාජ්ය සේවයේ බඳවා ගැනීම් ක්රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා අමාත්ය මණ්ඩලය විසින් පත් කළ නිලධාරී කමිටුවේ අනුමැතිය ප්රකාරව බඳවා ගැනීමට නියමිත මුළු පුරප්පාඩු සංඛ්යාව 23006කී.එම සංඛ්යාව ජාතික පාසල් පුරප්පාඩු ද ඇතුළුව පහත පරිදි වේ. ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 4,484 යි ,බස්නාහිර පළාතේ 2,500 යි ,මධ්යම පළාතේ: 3,480 යි , දකුණු පළාතේ: 1,417 යි , උතුරු පළාතේ 1,885 යි, නැගෙනහිර පළාතේ 2,267 යි,වයඹ පළාතේ: 2,025 යි, උතුරු මැද පළාතේ 1,345 යි,ඌව පළාතේ: 1,606 යි ,සබරගමුව පළාතේ 1,997 යි. මෙම සංඛ්යාව බඳවා ගැනීමට අදාළව පළ කරන ලද ගැසට් නිවේදනයන් අනුව, පුරප්පාඩු සංඛ්යාව මෙන් දෙගුණයක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවිය යුතු අතර. ඒ අනුව එක් විෂයක් යටතේ පවතින පුරප්පාඩු මෙන් දෙගුණයක් වන සේ විභාග දෙපාර්තමේන්තුව විසින් ලබා දී සුදුසුකම් ලාභී නාම ලේඛනය අනුව සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය .ඒ කියන්නේ ගරු කථානායකතුමනි, විෂය අනුව තියෙන පුරප්පාඩුවලට දෙගුණයක් තමා සම්මුඛ පරීක්ෂණ (Interviews) වලට කැඳවන්න (Call කරන්න) පුළුවන් වෙන්නේ ). කෙසේ වුවද, මේ බඳවා ගැනීමට අදාළව පළ කරන ලද ගැසට් නිවේදනයන් අනුව එක් අයදුම්කරුවකුට අපොස උසස් පෙළ විෂයන් දෙකකට හා අපොස සාමාන්ය පෙළ විෂයන් දෙකකට ලෙස සමස්ත විෂයන් හතරකටද, ජාතික ජාතික හා පළාත් පළාත් හා පාසල් ගණන යටතේ අයදුම් කිරීමට අවස්ථාව සලසා දී ඇත . ඒ කියන්නේ එකම අයදුම්කරුවෙකුට පුළුවන් අපොස උසස් පෙළ විෂයන් දෙකකට, සාමාන්ය පෙළ විෂයන් දෙකකට, ඒ වගේම ජාතික පාසල් හා පළාත් පාසල් යන කාණ්ඩ (Categories) අතරේ එකම අයදුම්කරුවෙකුට ඉල්ලන්නත් පුළුවන්.
මේ ගැසට් නිවේදනය ගරු කථානායකතුමනි, 2022 පළවුණු ගැසට් නිවේදනය අනුව තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ මොකෝ මේක . විශාල නඩු ගණනාවක් තුළින් එන ක්රියාවලියක් නිසා, ඒ අධිකරණ තීන්දු වලට බැඳිලා තමයි අපිට මේ ක්රියාවලිය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ . ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති විභාග ප්රතිඵල මත, එකම අයදුම්කරු විෂයන් කිහිපයක් යටතේ හා ජාතික හා පළාත් යටතේත් සම්මුඛ පරීක්ෂණ සුදුසුකම් ලබා ඇති (2:51). බැවින්, මෙම අදියර යටතේ සම්මුඛ පරීක්ෂණ සඳහා වූ සුදුසුකම් ලබා ඇති මුළු සංඛ්යාව (ආබාධිත අයදුම්කරුවන්ද ඇතුළුව) 17,688 ක් වේ. මෙහිදී එකම අයදුම්කරු විෂයන් කිහිපයක් යටතේ සුදුසුකම් ලබා තිබීම මත, විවෘත පදනම යටතේ විෂය සංකලන 11,906 ක් ලෙසද, පුරප්පාඩු 23006ක් වෙනුවෙන් සම්මුඛ පරික්ෂණ සදහා ඉදිරිපත් විමට නියමිතය.ප්රශ්න අංක දෙකපළමු අදියරේ සම්මුඛ පරීක්ෂණ මගින් බඳවා ගැනීම සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවන් බඳවා ගැනීමෙන් අනතුරුව, තවදුරටත් මෙම අදියරය යටතේ බඳවා ගැනීමට නොහැකිව ඉතිරි වන පුරප්පාඩු සඳහා විභාග ප්රතිඵල මත ලත් අයදුම්කරුවන් සුදුසුකම් ලත් අයදුම්කරුවන් සිටීද යන්න සලකා දෙවන හා තෙවන වශයෙන් අදියර යටතේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් සිදු කළ යුතු වේ . ගරු කථානායකතුමනි, අර විෂයන් ගණනාවකට එකම අයදුම්කරුවෙකු ඉල්ලන්න පුළුවන් නිසා, අපිට මේ අදියරේ ඒ සුදුසුකම් ලබපු අය එ අයදුම්කරුවන්ගේ එ ක්රියාවලිය ගිහිල්ලා තමා ඊළඟට මොන පුරප්පාඩුවද ඉතුරු වෙන්නේ කියලා අපිට බලන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේක හරිම සංකීර්ණ ක්රියාවලියක් . ඒක එ වෙලාවේ ගැසට් කරපු විදිහට යන්න වෙලා තියෙන නිසා තමා මේ සංකීර්ණත්වය මේ විදිහට ඇතිවෙලා තියෙන්නේ.''