රට හැංගිලා ඉන්න පාතාලයේ 160ට ජාත්‍යන්තර රතු වරෙන්තු... සෙල්ලම් ඉවරයි...!!!

Google Sri Lanka Law and Order Latest Headlines Sinhala news
By Akash Apr 19, 2025 01:34 PM GMT
Akash

Akash

Report

මෙරට බරපතළ අපරාධ සිදුකර විදෙස් රටවලට ගොස් සැඟව සිටින අපරාධ කරුවන් 167 දෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගැනීමට රජය දැඩි උත්සාහයක නිරතව ඇත.

මේ අය අතුරින් 160 දෙනෙකුට මේ වන විට රතු වරෙන්තු නිකුත් කර තිබෙන බව පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේවා කාගේද ? නීති විරෝධී සුඛෝපභෝගී වාහන 12 ක් අත්අඩංගුවට!

මේවා කාගේද ? නීති විරෝධී සුඛෝපභෝගී වාහන 12 ක් අත්අඩංගුවට!

මෙම අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය හරහා රාජ්‍යතාන්ත්‍රික පියවර රැසක් ගෙන තිබෙන බව එම නිලධාරියා අනාවරණය කළේය.

පසුගිය කාලය පුරාවටම අපරාධකරුවන් සැඟව සිටින රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික ලිපි හුවමාරුව හා සාකච්ඡා පැවැත්වීම ආදී කටයුතු ඔස්සේ ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

හෙටත් අධික උණුසුමයි ගිගුරුම් සහිත වැස්සයි

හෙටත් අධික උණුසුමයි ගිගුරුම් සහිත වැස්සයි

ප්‍රංශයට පැන ගොස් එහි සැඟව සිටින බව කියන කුඩු අංජු නමැති අපරාධකරු ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඉදිරි කාලය තුළ ඒ සඳහා ප්‍රංශ රජයේ අනුමැතිය හිමිවනු ඇති බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ReeCha