සති හයක් දෙන්න ඕනේ ගල් අඟුරු ටෙන්ඩරේට තුනක් දීලා අස් වුණාට ඇඟ බේර ගන්න බෑ, මේකත් ඩීල් එකක්ද දන්නෑ පුබුදුට සැකයක්

Report

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මඟින් ගල් අඟුරු ටෙන්ඩරය නිකුත් කිරීමේදී බරපතළ අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා නගයි. ඒ අද පැවති මාධ්‍ය හමුවකදී යි.

ඒ අනුව මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ,

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

" ගල් අඟුරු ටෙන්ඩර් නිකුත් කිරීමේ අක්‍රමිකතාවක් ගැන මේ දිනවල සමාජයේ ලොකු කතාවක් ඇති වෙලා තියනවා. තව පැත්තකින් විපක්ෂයේ ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ඉල්ලා අස් වුණේ මෙවැනි වංචාවක් බලාගෙන ඉන්න බැරි නිසා වගේ කතාවක් විපක්ෂයෙන් ප්‍රචාරය කරමින් යනවා. නමුත් අපි හිතනවා ඉල්ලා අස් වුණා කියලා ඔහුට වගකීමෙන් නිදහස් වෙන්න බෑ. ඒ නිසා අනිවාරෙන් ඔහුට විරුද්ධවත් පරීක්ෂණ දියත් වෙන්න ඕන. ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව සාමාන්‍යෙන් ගල් අඟුරු ටෙන්ඩරයක් කැඳවීමේදී ඒ ටෙන්ඩරයට ඉල්ලුම් කිරීම සඳහා සති හයක කාලයක් දෙන්න ඕන. නමුත් මේ ටෙන්ඩරය සඳහා දීලා තියෙන්නේ සති තුනක කලයක්. මෙහෙම අඩු කාලයක් දුන්නම වෙන්නේ බොහෝ පිරිසකට ටෙන්ඩරය සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව අහිමි වෙලා කලින් සූදානමින් සිටි පුද්ගලයෙක්ට ගල් අඟුරු ටෙන්ඩරය ලබා ගන්න ඉඩ ලැබෙන එක. ඒ නිසා මේ ටෙන්ඩර් ක්‍රියාවලිය ඇතුළේ යම්කිසි ඩීල් එකක් තිබුණද කියන සැකය අපිට මතු වෙනවා. දැන් රජය පැත්තෙන් කරන පැහැදිලි කිරීම තමයි හදිසි අවස්ථාවක් නිසා ටෙන්ඩර් කාලසීමාව අඩු කරන්න වුනා කියන එක. නමුත් ඒ හදිසි තත්වය මොකක් ද කියලා පැහැදිලි කරලා නෑ." යනුවෙන්.

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි