හෙටත් අධික උණුසුමයි ගිගුරුම් සහිත වැස්සයි
By Hashini
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අධික විය හැකි බව පවසනවා.
උතුරු , උතුරු මැද , වයඹ සහ නැගෙනහිර පළාත් මෙන්ම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙම උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට දිනයේ දිවයිනේ සබරගමුව , ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව , හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්ක වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.