තාම තීන්දුව ආවෙත් නෑ හැබැයි රනිල්ව යවන්නේ වැලිකඩද මැගසින්ද කියලා අලි ප්‍රශ්නයක්

Report

රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කළහොත් ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ පරිශ්‍රයේ වෙනම ආරක්ෂිත ස්ථානයක රඳවා තැබීමට සුදුසු බවට බන්ධනාගාර නිලධාරීන් යෝජනා කරයි. ඒ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන්.

එසේ වුවත් එය තීරණය වන්නේ අධිකරණ ලබා දෙන නියෝගය සහ බන්ධනාගාර ඉහළ නිලධාරීන් ගන්නා තීරණය මත බව සඳහන්.

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

එසේම රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කළහොත් මැගසින් බන්ධනාගාරයෙ රැඳවිය යුතුව ඇතත් එම බන්ධනාගාරයේ රැඳවීමට තරම් ප්‍රමාණවත් ආරක්ෂාවක් සහ ඉඩ පහසුකම් නොමැති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට හේතුව වන්නේ එම බන්ධනාගාරයේ පවතින රැඳවියන්ගේ තදබදයයි.

එසේම මින් පෙර රක්ෂිත බන්ධනාගාර ගත කළ ඇතැම් හිටපු දේශපාලඥයන් සහ රජයේ ඉහළ නිලධාරීන් ඇතැම් අවස්ථාවල රඳවා සිටියේ වැලිකඩ බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේ අදාළ ආරක්ෂිත ස්ථානයේ බව වාර්තා වේ.

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ඒ අතරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද සිල්වා, රන්ජන් රාමනායක ද අයත්. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, අනිවාර්යය නිවාඩු යවා සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා යන රජයේ නිලධාරීන් ද ඇතුළත් බව ආරංචි වේ. 

රනිල් ඉක්මනින් ගෙදර එයි මට විශ්වාසයි, හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගෙනුත් කන්නලව්වක්

රනිල් ඉක්මනින් ගෙදර එයි මට විශ්වාසයි, හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගෙනුත් කන්නලව්වක්