එච්චරයි රනිල්ව අත්අඩංගුවට ගත්තේ, හතර අතින් රනිල්ගේ ගුණ වයන්න පටන් ගෙන

Report

රනිල් වික්‍රමසිංහ මහතා තීරණාත්මක අවස්ථා තුනක දී ම මෙරට ස්ථාවර කිරීමට සහ යළි ගොඩනැගීමට කටයුතු කළ නායකයකු බව හිටපු අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් ෆේස් බුක් සටහනක් තබා ඇත.

එසේම එම සටහනේ 1993 දී, ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ ඝාතනයෙන් අනතුරුව රජයේ අඛණ්ඩතාව තහවුරු කිරීමට සහ රට අරාජිකත්වයට ගමන් කිරීම වැළැක්වීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බවත්, ⁠වසර 2000 දී රට පළමු ආර්ථික අවපාතයට මුහුණ දුන් විට ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත් කොට රට ස්ථාවර කළ බවත්, 2022 දී ඉතිහාසයේ බරපතළම ආර්ථික අර්බුදයේ උච්චස්ථානයේදී, ඔහු නායකත්වය භාර ගෙන ශ්‍රී ලංකාව බිඳවැටීමෙන් ගොඩගත් බවත් දක්වා තිබෙනවා.

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට

ඊට අමතරව එම සටහනේ යූටියුබ් කරුවකු කැට තියා ප්‍රකාශ කළ ලෙසටම රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම බරපතළ මෙන්ම කනගාටුදායක කරුණක් බවද එවැනි ක්‍රියාවන් අපගේ අනාගතය අවදානමට ලක් කරනවා මෙන්ම පලි ගැනීමේ සහ විනාශකාරී දේශපාලනයේ බිහිසුණු ප්‍රවණතාවක් පිළිබිඹු කරන බවද පෙන්වා දී ඇත.

එමෙන්ම මෙම වෛරය සහ පළිගැනීමේ දේශපාලනය අවසන් විය යුතු බවත් රට ජාතිය ආරක්ෂා කළ අයට කෘතඥතාව පළ කරන දේශපාලනයක් මෙරටට අවශ්‍ය බවත් එම සටහනේ අන්තර්ගත වේ.  

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

එච්චරයි රනිල්ව අත්අඩංගුවට ගත්තේ, හතර අතින් රනිල්ගේ ගුණ වයන්න පටන් ගෙන | Ranil Virtues Began To Be Slandered All Sides