ගොඩනැගිල්ලක බිහිසුණු පිපිරුමක්, දෙදෙනෙක් ජීවිතක්ෂයට, 33 දෙනෙක්ට තුවාල
By Kaushi
පාකිස්ථානයේ කරච්චි නුවර ටාජ් වෛද්‍ය සංකීර්ණය අසල ජනාකීර්ණ ප්‍රදේශයක ගබඩාවක් තුළ සිදු වූ දැවැන්ත පිපිරීමකින් අවම ලෙස පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් 33 දෙනෙක් තුවාල ලබා ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනෙකුගේ තත්වය බරපතළ බවයි.
එසේම සිදු කළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ රතිඤ්ඤා සකස් කිරීමට භාවිත කරන අමුද්‍රව්‍ය ගබඩා කර තිබූ ස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති බවයි.
මේ අතර පිපිරීමට ලක්වූ ගොඩනැගිල්ලේ කුළුණු සහ බිත්තිවලට හානි සිදුව ඇති බව සඳහන්.
තවද ඒ අසල නවතා තිබූ වාහන මතට ඝන කොන්ක්‍රීට් කුට්ටි වැටී ඇති බවත් අසල පිහිටි තවත් ගොඩනැගිලි කිහිපයක ජනෙල් ද කඩා වැටී ඇති බවත් වාර්තා වේ.