හිටපු ජනපති රනිල් රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව එළඹෙන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින්, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ චෝදනා එල්ල වී ඇති බවත්, විමර්ශන කටයුතු තවමත් අවසන් නොමැති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා, රනිල් වික්‍රමසිංහ මහතාව ඇප මත මුදාහැරීමට ඉල්ලමින් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
ඉන් අනතුරුව කරුණු සලකා බැලූ කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු එළැඹෙන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.