තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

Report

විෂයභාර ඇමතිවරයා හෝ තැපැල්පතිවරයා සාකච්ඡාව වෙනුවෙන් ලිඛිතව ඇරයුම් කරන්නේ නම් වැඩ වර්ජනය නතර කර හෝ සාකච්ඡාවට පැමිණීමට තමන් සූදානම් බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු පැවසුවේ මීට සුලු මොහොතකට පෙරත් තැපැල්පතිවරයා සමඟ සාකච්ඡාවට සූදානම් බව පවසමින් ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම් දීමක් කරන මෙන් ඉල්ලා සිටි නමුත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

එනිසා සාකච්ඡාවට වෘත්තීය සමිති සූදානම් බව කියමින් තැපැල්පතිවරයාට ලිඛිතව ඉල්ලීමක් කිරිමට කටයුතු කරන බවද චින්තක බණ්ඩාර සඳහන් කරයි.

ඊට අමතරව ඔහු කියා සිටියේ වැඩ වර්ජනය නතර කර සාකච්ඡාවට පැමිණෙන මෙන් විෂයභාර ඇමතිවරයා ලිඛිතව දැනුම් නොදී පාර්ලිමේන්තුව තුළ පමණක් ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවයි.

එමෙන්ම තැපැල් දෙපාර්තමේන්තු පාඩු ලබන ආයතනයක් නිසා හා පාඩු ලබන ආයතන විකිණීම නැති නම් ප්‍රතිව්‍යුහගත කළ යුතු බව IMF ප්‍රකාශ කර තිබෙන නිසා වර්තමාන රජය සූදානම් වන්නේ එයට ද යනුවෙන් සැකයක් මතු ව ඇති බවත් පවසයි.

මේ අතර මධ්‍යම තැපැල් හුවමරුව ඉදිරිපිටදී අද (22) උදෑසන ආරම්භ කළ සත්‍යග්‍රහයට තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිවලට අමරතව පිටස්තර වෘත්තීය සමිති 15ක සාමාජිකයන් ද සහභාගි විය. එසේම එය පැය දෙකක පමණ කාලයකට සීමා කල බවද සඳහන්.

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු