රට පැන්න පාතාල ලොක්කෝ 103කට රතු නිවේදන
පොලිස් මූලස්ථානය පවසන පරිදි විදෙස් ගතව සිටින අපරාධකරුවන් එකසිය තුන්දෙනෙකු මෙරටට රැගෙන ඒමට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇතැයි ප්‍රකාශ කරයි.
ඒ අනුව මේ වසරේදී රතු නිවේදන නිකුත් කෙරුණු අපරාධකරුවන් තිදෙනෙකු මේ වසරේදී දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලීස් අධිකාරි එෆ් යූ වුට්ලර් මහතා පැවසීය.
එමෙන්ම දැවැන්ත මෙහෙයුමක් යටතේ කෙහෙල් බද්දර පත්මේ ඇතුළු පිරිසද ලංකාවට රැගෙන ආ අතර මේ වනවිටත් ඔවුන් අත්අඩංගුවේ පසු වේ.