පොලිස් ලොක්කෙක්ට අපහාසාත්මක විඩීයෝවක් හැදුවට පොලිසියට ගොස් පැමිණිලි කරයි
තමා ඡායාරූප යොදාගනිමින් තමා සම්බන්ධයෙන් අපහාසාත්මක වීඩියෝවක් යූ ටියුබ් නාළිකාවක උඩුගත කිරීමේ සිද්ධියකට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් පත් කර තිබේ.
නැගෙනහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් මෙලෙස මඩකලපුව මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන බවට වාර්තා වේ.
එස් ටී එෆ් ප්‍රධානියා අත්අඩංගුවට යනුවෙන් හා බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වු නෛතික ක්‍රියාවලියට සිදු කරනු ලබන අවහිර කිරීම ය මැයෙන් එම යු ටියුබ් නාළිකාව මෙහෙයවන ආයතනයේ හිමිකරු විසින් ඉකුත් මස 26 වෙනිදින උඩුගත කරන ලද වැඩසටහනේ අන්තර්ගතය තුළින් තම කීර්ති නාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් එම පැමිණිල්ල තුළ වැඩිදුරටත් ඉදිරිපත් කර ඇත.
එකී පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට සහාය දීමේ හා ආරක්‍ෂා කිරීමේ පනත යටතේ විමර්ශන සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට අදාළ නිලධාරීයා දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බවටත් වාර්තා වේ.